ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනයට විරුද්ධවු පන්ෂීර් ප්‍රාන්තයේ උතුරු දිග සන්ධානය, පන්ෂීර් ප්‍රාන්තය ආක්‍රමණය කිරීමට පැමිණි තලේබාන්වරුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.
පන්ෂීර් ප්‍රාන්තයට ඇතුල් වීමට ඇති ඉතා පටු නිම්නයකින් ඇතුළු වූ සිය ගණනක් තලේබාන්වරු කොටුකර විනාශ කිරීමට උතුරුදිග සන්ධානයේ හමුදාව කටයුතු කර ඇති බව වාර්තාවේ. උතුරු දිග සන්ධානය යනු ඇෆ්ගනිස්ථානයේ හිටපු උප ජනාධිපති අමුනුල්ලා සලේ සහ තලේබාන්වරුන්ට විරුද්ධව කළ සටන් ඉතිහාසය තුළ පුරාවෘත්තයක් ලෙස සලකන අහමඩ් මසූඩ්ගේ පුත්‍රයෙකු වූ අහමඩ් ෂා මසූඩ්ගේ නායකත්වයෙන් යුතු වන සටන් පෙරමුණකි.
ඔවුන්ගේ සටන් පෙරමුණ තුළ ඇෆ්ගනිස්ථාන හමුදාව තුළ සිටි සෙබළු රාශියක් සිටින බවද පැවසේ. පිට පිට අවස්ථා දෙකකදී පන්ෂීර් ප්‍රාන්තය ආක්‍රමණය කිරීමට පැමිණි තලේබාන්වරුන්ට දැවැන්ත පරාජයක් අත්පත් කරදීමට උතුරු දිග සන්ධානය සමත්ව තිබෙන බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පන්ෂීර් ප්‍රාන්තය තලේබාන්වරුන්ට අල්ලා ගැනීමට නොහැකි ලෙස උතුරු දිග සන්ධානය කරණ සටන් පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන යුද විශ්ලේෂකයෝ පවසන්නේ,තලේබාන්වරු අමෙරිකානු හමුදාව ප්‍රදානය කළ දැවන්ත යුද උපකරණ වලින් සන්නද්ධව සිටින බවයි..
ලෝකයේ බොහෝ සම්ප්‍රදායික හමුදාවන්ට නැති තරම් ප්‍රමාණයක බ්ලැක් හෝක් හෙලිකොප්ටර් සහ ප්‍රහාරක යාත්‍රා විශාල ගණනක් මෙන්ම වෙනත් යුද උපකරණ තලේබාන්වරු සතුය. එම යුද උපකරණ වල වල වටිනාකම ඩොලර් බිලියන 85ක වටිනාකමකින් යුක්ත බව එම යුද විශ්ලේෂකයෝ පවසති.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ඉතා ඉහළ ආත්ම ශක්තියක්ද තලේබාන්වරු සමන්විත වන බවයි. කෙසේ වුවද පන්ෂීර්වරු තම දේශය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරණ සටන ඉතා ඉහළ ආත්ම ශක්තියක් සහ දැඩි දේශප්‍රේමයක් ගැබ්ව තිබෙන බවද යුද විශ්ලේශකයෝ පවසති.
කෙසේ වුවද තලේබාන්වරු රැළි වශයෙන් පන්ෂීර් ප්‍රාන්තයට ප්‍රහාර එල්ල කිරීමට නියමිතව ඇති බවද පුරෝකථනය කරති. සෝවියට් හමුදාවට මෙන්ම අමෙරිකානු හමුදාවටද පන්ෂීර් ප්‍රාන්තය නතු කර ගැනීමට නොහැකි වූ බව යුද විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...