පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ආණ්ඩුව නිවැරදිව තේරුම්ගත්තා නම් අද රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද මහරගම මහ නගර සභාව සඳහා කාන්තිකොඩිකාර මහත්මිය සහ තවත් පස් දෙනෙකු දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට හොරා කියන බවත් අගමැතිවරයා ජනාධිපතිවරයාට හොරා යැයි පවසන බවත් අවසානයේ මන්ත්‍රීවරු 118 දෙනෙකුටම හොරා යැයි පැවසීමට සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අපත් සමඟ එකතුවන පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමේ සූදානමක් නොමැති බවත් වර්තමානයේ පවතින අර්බුධය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...