ඉතිහාසයේ ප්‍රථම වරට විදේශීය රටවලින් බැහැරලන අහිතකර රසායනික අපද්‍රව්‍ය සහ රෝග කාරක සහිත සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා කසළ අංගණවල තැන්පත් කිරීමට ආණ්ඩුව පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විදේශීය රටවලින් බැහැරලන පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට අහිතකර කසළ මෙරටට ගෙන්වීමට අවසර ලබාදී ඇත්තේ සිංගප්පූරු සමාගමකට බවත් එම සමාගම මෙරටට ගෙන්වනු ලබන මෙම අපද්‍රව්‍ය දහනය කිරීමට හෝ වළ දැමීමට නැතිනම් විශාල බහාලුම්වල අසුරා මුහුදුබත් කිරීමට සැලසුම් කරමින් තිබෙන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
වසන්ත බණ්ඩාර මහතා මෙම තොරතුරු අනාවරණය කළේ රාජගිරිය නාවල පාරේ ජාතික සංවිධාන කාර්යාලයේ ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදීය. අහිතකර රසායනික අපද්‍රව්‍ය සහ සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැරකරලීම මිල අධික ක්‍රියාවලියක් බැවින් ඇතැම් විදේශ රටවල් අහිතකර අපද්‍රව්‍ය මුදල් ගෙවා වෙනත් රටවලට අපනයනය කෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ විය.
මලික් සමරවික්‍රම මහතාගේ මැදිහත් වීමෙන් ආණ්ඩුව මෙරටට කසළ ගෙන්වීමට සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇති අතර එහිදී රජයට කිසිදු ආකාරයක මුදලක් නොලැබෙන බව ෙදාස්තර වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...