අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟම සමස්ත ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් ප්‍රාන්තය හැර සියලුම ප්‍රාන්ත තලේබාන් පාලනයට යටත් විය. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු හිතවාදී රජයේ හිටපු උප ජනාධිපතිවරයා වූ අමුනුල්ලා සලේ සහ තලේබාන් විරෝධී සටන්කරුවන්ගේ දැවැන්ත නායකයෙකු වූ අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් මිය ගිය අහමඩ් ෂා මවුසූඩ්ගේ පුත්‍රයා වූ අහමඩ් මවුසූඩ් ගේ නායකත්වයෙන් ජාතික විරෝධතා බලකාය නමින් වූ සන්නද්ධ හමුදාව පන්ෂීර් ප්‍රාන්තය තලේබාන්වරුන්ට යටත් නොවී සටන් කළෝය.
පසුගිය දිනවල තලේබාන්වරු පන්ෂීර් ප්‍රාන්තයට කඩා වැදීමට ගත් උත්සාහයෙදී දැවැන්ත ජීවිත හා දේපල හානි සිදුකරගත් අතර තලේබාන්වරුන්ට දැවැන්ත පරාජයක් අත්පත් වූ බව ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා කර තිබුණි.එසේ වුවද ඊයේ සහ පෙරේදා රැළි පිට රැළි ලෙස තලේබාන්වරු ජාතික විරෝධතා බලකායට එල්ල කළ ප්‍රහාර වලින් පසුව පන්ෂීර් ප්‍රාන්තයද තලේබාන් පාලනයට නතු කර ගත් බව තලේබාන් සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක සබිඋල්ලාහ් මුජහඩීන් අද(06) මීට ස්වල්ප මොහොතකට පෙර මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසූ බව ජාත්‍යයන්තර මාධ්‍යය පවසයි.
මේ අතර ඇෆ්ගනිස්ථාන් මාධ්‍යය වාර්තා කර සිටින්නේ අහමඩ් මවුසූඩ් ඊයේ(05) ඇතිවූ සටන් වලදී මිය ගිය බවයි. ඔහුත් සමඟ උතුරු දිග සන්ධානයේ ජෙනරාල්වරයෙකු වන අබ්දුල් වුඩොඩ් සාරා නැමැත්තාද මිය ගොස් ඇති බවයි. කෙසේ වුවද ජාතික විරෝධතා බලකාය ප්‍රකාශ කරන්නේ පන්ෂීර් ප්‍රාන්තය තුළ තවමත් තලේබාන්වරුන්ට එරෙහිව සටන් පවතින බවයි.
පන්ෂීර් ප්‍රාන්තය බිඳ වැටීමත් සමඟම සමස්ත ඇෆ්ගනිස්ථානයම තලේබාන්වරුන්ට නතුවන බව පැවසේ. පන්ෂීර් ප්‍රාන්තය යටත් කර සටනේදී පකිස්ථානු හමුදාවේ දැවැන්ත සහයෝගයක් තලේබාන්වරුන්ට ලැබුණු බවද ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...