ඇෆ්ඝනිස්ථානයේ ඊනියා බහු නියෝජිත ආණ්ඩුවේ රාජ්‍යය නායකයා සහ අමාත්‍යය මණ්ඩලය පත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.සාමාජිකයින් 35 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ අමාත්‍යය මණ්ඩලයට කිසිදු කාන්තාවක ඇතුලත් වන්නේ නැත.
රාජ්‍යය නායකයා ලෙස පත් කර ගෙන ඇත්තේ 1990 දී තලේබාන් ෂරියා අධිකරණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිබතුල්ලා අක්භ්‍රන්ඩ්ෂාඩා නම් දැඩි මතධාරියෙකු බවද එම වාර්තා පෙන්වා දේ. ඔහුට නව ඇෆ්ඝන් ආණ්ඩුවේ සියළු ආගමික, ආරක්ෂක සහ දේශපාලන බලතලද හිමිවේ.
1996දී පිහිටවූ තලේබාන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යයවරයා ලෙස කටයුතු කළ මුල්ලා මොහොමඩ් අක්හ්‍රන්ඩ් නැමැත්තා වැඩ බලන අගමැතිවරයා ලෙස පත්කර ඇත. ලෝක උරුමයක් වූ බාමියන් බුදු පිළිම විනාශ කිරීමට මුල් වූ තැනත්තා වන්නේද මොහොමඩ් අක්හ්‍රන්ඩ් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ ලෙස සැලකෙන අබ්දුල් ගහානි බර්දාර් තලේබාන් ආණ්ඩුවේ උප අගමැතිවරයා ලෙස පත් කර ඇති අතර ඔහු අමෙරිකානු රූකඩ ආණ්ඩුව යටතේ වසර 8ක් සිරගතව සිට 2020 අත්සන් කළ තලේබාන් අමෙරිකා සාම ගිවිසුම හේතුවෙන් නිදහස ලැබූ අයෙකු බවද එම විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...