දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂ කිරීමට දුමින්ද දිසානායක වැන්නවුන් උත්සහ දරන්නේ ඔහු ජනාධිපති කිරීමට නොව ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වන්නේ නම්, ඔහු ජයග්‍රහණය කිරීම සඳහා සියලුදෙනා එක්විය යුතු බවත් නැතිනම් ඔසී අබේගුණසේකරට මෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පුංචිබොරැල්‍ලේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් ධුරය වෙනස් විය යුතු බව ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයදෙනා ඇතුළු දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමකගේද අදහස වූ බැවින් එය සියලුදෙනාට අවශ්‍ය වූ දේ සිදු වුණ බවද හෙතෙම කීය. එහිදී පයින් පහර ගසන විට උඩට යන ලෙස දුමින්ද දිසානායකට පහර වැදුණු බවත් දින 45න් පසු ස්ථිර නිලධාරී මණ්ඩලය තේරීමේදී පහළට වැටෙන ලෙස එම පයින් පහර වැදෙනු ඇතැයි ද ඩිලාන් පෙරේරා මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More