අද(9) පැවැත්වුනු 13 වන BRICS සමුළුව අමතමින් රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා පවසා සිටියේ අමෙරිකාව සහ අමෙරිකානු පාක්ෂික හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ නව අර්බූදයක් නිර්මාණය වී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මෙම අළුත් තත්වය ලෝක ආරක්ෂාවට සහ කළාපීය ආරක්ෂාවට කෙසේ බලපාන්නේදැයි තවම ප්‍රකාශ කළ නොහැකියි” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේය.
අමෙරිකානු ක්‍රියා පිලිවෙත විවේචනයට ලක් කරමින් රුසියානු ජනාධිපතිවරයා ” ඇෆ්ගනිස්ථානයේ ඇතිවී තිබෙන අර්බූදය අසල්වැසි රටවලට තර්ජනයක්” යනුවෙන් පවසා සිටියේය.
” අපගේ රටවලට ඇෆ්ගනිස්ථානයේ අර්බූදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා ගැනීමට මෙය හොඳ නිමිත්තක්.ඇෆ්ගනිස්ථානය ඇයගේ අසල්වැසි රටවලට තර්ජනයක් නොවිය යුතුයි. එලෙසම ඇෆ්ගනිස්ථානය මත්ද්‍රව්‍යය ජාවාරමේ මධ්‍යයස්ථානයක් නොවිය යුතුවාක් මෙන්ම ත්‍රස්තවාදයේ උල්පතක්ද නොවිය යුතුයි. ලෝකය තරමක් අර්බූදකාරී තත්වයකට මුහුණ දෙමින් සිටින නිසාම BRICS රටවල සහයෝගිතාවය ලෝකයට අත්‍යවශ්‍යයම දෙයක්.” යනුවෙන් පවසමින් රුසියානු ජනාධිපතිවරයා සිය කෙටි දේශනය අවසන් කළේය.
එහිදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අවධාරණය කරනු ලැබුවේ BRICS රටවල් ඉදිරිපත් කළ ත්‍රස්තවාදයට එරෙහි සැලසුමට ඉන්දියාවද අනුගත වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...