පසුගිය ඉරිදා ගුවාතමාලාවේ ෆුඑගෝ ගිනි කන්ද පිපිරීමෙන් 75 දෙනකු මියගොස් තවත් 200 ක් පමණ අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.
යමහලෙන් විහිදුන අළු සහ මඩවලින් කන්ද පාමුල පිහිsටි ගම්මාන සම්පූර්ණයෙන්ම වැසී ගියේය.
අඟහරුවාදා (ජුනි 05) නැවතත් යමහල සක්‍රීය වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ල විය.
නිල වාර්තාවලට අනුව මිලියන 1.7 ක පිරිසකට මෙමගින් බලපෑම් එල්ලවී තිබෙන අතර තුන්දහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.
අඟහරුවාදා සිදුවූ පිපිරීමත් සමඟ කිලෝ මීටර් 10 ක් (අඩි 33,000) පමණ දුර අහසට අළු විහිදුන අතර මෙය යහමල් පිළිබඳ විශේෂඥයන් ද පුදුමයට පත් කර ඇත.
ෆුඑගෝ යමහල පිහිටියේ ගුවාතමාලා සිටි අගනුවරින් කිලෝ මීටර් 40 ක් (සැතපුම් 25 ක්) නිරිත දිගිනි.
විදාහරණය වීමත් සමඟ වැගිරුණු ලාවා දහර එල් රොඩියෝ ගම්මානය හරහා ගලායැම හේතුවෙන් එහි සිටිය වුන් නිවෙස් තුළදීම මියගියහ. මේ හේතුවෙන් ගුවාතමාලාහි ප්‍රධාන ගුවන්තොටුපළ වන ගෝතමාලා සිටි අගනුවර ගුවන් තොටුපළ වසා දැමීමට සිදුවිය.
එරට විශේෂඥයන්ට අනුව මෙය 1974 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම විදාහරණය වේ.
සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති වීඩියෝ දර්ශනවල ලාවා මත පාවෙන මිනිස් සිරුරු දර්ශනය වන අතර අළුවලින් නැහැවුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිති.
ගුවාතමාලා බීබීසී වාර්තාකරු විල් ග්‍රාන්ට් ඉදිරිපත් කරන විමසුමකි, මේ.
විසිපස් වියෑති බොරිස් රොද්රිගුඑස්ට නැවත සිය පවුල වෙත යැමට නොහැකිය. ඔහුගේ පවුලේ බොහෝ දෙනකු පසුගිය ඉරිදා සිදුවූ මෙම විපත්තියෙන් මියගොස් ඇති බැවිනි.
ඔහුගේ බිරිඳ බිරිඳගේ දෙමාපියන්, බොරිස්ගේ සහෝදරයා, නෑනා සහ ඔවුන්ගේ දරුවන් එගෝ යමහල විදාරණය වීමෙන් මියගොස් ඇත.
“මම දරුවන්නේ සිරුරු දැක්කා. ඔවුන් ඇඳ උඩ එකට ගුලිවී සිටියේ හරියට මේ සිදුවන දෙයින් සැඟවෙන්න උත්සාහ කරනවා වගේ” යෑයි කඳුළු අතරින් ඔහු පැවසීය.
බොරිස් රොද්රිගුඑස් මෙන්ම එල් රොඩියෝ ගම්මානයේ ඔහුගේ අසල්වැසියන් බොහොමයක් සමාන අත්දැකීම්වලට මුහුණදී වැලපෙමින් සිටිති. අලු සහ මඩවලින් යට වූ මෙම ගම්මානය පෙර පිහිටි ආකාරය සොයා ගැනීමට පවා නොහැකිය.
මෙතරම් පිරිසක් මියගියේ ඇයි?
යමහල ඉරිදා විදාරණය වීමට පෙර ගම්වැසියන් අනතුරු අඟවා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බව ගුවාතමාලා ආපදා වැළැක්වීමේ කාර්යාංශයේ අධ්යක්ෂ සර්ගියෝ කැබානාස් පැවසීය.
හදිසි තත්ත්වයක දී ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රදේශවාසීන්ට පුහුණුවක් ලබාදී තිබුණත්, මෙවර යමහල ඉතා වේගයෙන් සක්‍රීය වූ බව ඔහු තවදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...