තලේබාන් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ඝනිස්ථානයෙන් පිටව යන අමෙරිකානු සෙබළුන් , අමෙරිකානු පුරවැසියන් සහ තලේබාන් පාලනයට බියෙන් පලා යන සාමාන්‍යය ඇෆ්ඝන් වැසියන් ඉලක්ක කර එල්ල කළ මරාගෙන ප්‍රහාරයෙන්, අමෙරිකානු සෙබළුන් 13ක් සමඟ සාමාන්‍යය වැසියන් 170 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවේය.
ප්‍රහාරයෙන් දිනකට පසු පෙන්ටගනය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ප්‍රහාරයට නායකත්වය දුන්නේ අයි එස් අයි එස් කේ නම් ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු බවත් ඔහු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය බවත්ය.
පෙන්ටගනයේ ප්‍රකාශය එසේ වුවද නිව්යෝක් ටෛම්ස් පුවත් පත පෙන්වා දෙන්නේ පෙන්ටගනය පවසන පරිදි මිය ගොස් ඇත්තේ අයි එස් අයි එස් කේ නම් ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු නොව අමෙරිකානු රාජ්‍යයට අනුබද්ධිත රාජ්‍යය නොවන සංවිධානයක සමාජ සේවකයෙකු බවයි.
අදාල සමාජ සේවකයා තමාගේ මෝටර් රථයෙන් ගොස් මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන්ට සෝයා ආශ්‍රිත ආහාර ද්‍රව්‍යය ලබා දීමේ කර්තව්‍යයේ දීර්ඝ කාලයක් තිස්සේ යෙදී සිටියෙකු බවද නිව්යෝක් ටෛම්ස් පුවත් පත ප්‍රකාශ කර සිටියි. එම පුද්ගලයා තමාගේ කාර්යාලයට ගොස් වතුර භාජන යම් ප්‍රමාණයක් තම මෝටර් රථයට පුරවා ගෙන ඇති අතර ඔහුගේ කාර් රථය හුරු පුරුදු අහිංසක ළමුන් කණ්ඩායමක් ඔහුගේ කාර් රථය වටා එක් රොක්වී ඇත.
ඒ බව වරදවා වටහා ගත් අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරක කණ්ඩායම ඔහුට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇත. මිය ගිය පුද්ගලයා සෙමාරි අහමඩි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු Nutrition & Education International නම් අමෙරිකානු රාජ්‍යය නොවන සංවිධානයක වසර 14ක් තිස්සේ සේවය කරණ අයෙකු බවට හඳුනාගෙන ඇති බවද නිව්යෝක් ටෛම්ස් පුවත් පත වැඩිදුරටත් පෙන්වා දෙයි.
නිව්යෝක් ටෛම්ස් පුවත් පත පෙන්වා දෙන පරිදි සෙමාරි අහමඩි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් මිය යාමට දිනකට පෙර තම පවුලේ සියළු දෙනාටම අමෙරිකානු විශේෂ විගමන වීසා සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයෙකි.
But @mattaikins interviewed all 5 men who were in the car with Ahmadi that day. They said that what the military interpreted as a series of suspicious moves represented a typical day in his life. He drove his colleagues around town, where they made plans for food distributions. pic.twitter.com/qD08rGmomI
— Evan Hill (@evanhill) September 10, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...