දේශීය පුවත්

ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අදාළ ගුවන් සමාගම රජයෙන් ඉල්ලීමක් කළ බව ය.

ගුවන් වාර පැවැත්වෙන දිනකදී මත්තල දක්වා එම ගුවන් සේවය භාවිත කරන මගීන් සංඛ්‍යාව 13 ත් 15 ත් අතර සංඛ්‍යාවකි. මේ හේතුවෙන් තම සමාගමට පාඩු සිදුවන බව පවසමින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය අදාළ ඉල්ලීම කර තිබුණි.

ෆ්ලයි ඩුබායි ගුවන් යානාවල අවස්ථා 26 කදී පමණ කුරුල්ලන් වැදීමේ සිද්ධීන් ද වාර්තා වීම මීට තවත් හේතුවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More