දේශීය පුවත්

තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස සිටින අෂ්රෆ් හයිදාරි මහතා ප්‍රතික්ෂේප කර තිබේ. තලෙයිබාන් රජය නීත්‍යානුකූල නොවන බව අෂ්රෆ් හයිදාරි ශ්‍රී ලංකා රජයට සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කර තිබේ. තාවකාලික කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයෙකු පත් කරන බව තලේබාන් සංවිධානය මේ සතියේ නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තරව පිළිගත් ඇෆ්ගනිස්ථාන තානාපතිවරුන් කිසිවෙකුත් ඊනියා තලෙයිබාන් අන්තර්වාර කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම පිළිගෙන නැති බව හයිදාරි කියා සිටී. තලේබාන් කැබිනට් මණ්ඩලයට එහි නායකත්වය අනුමත නොකළ ත්‍රස්තවාදීන් ඇතුළත් වන අතර කාන්තාවන් මෙන්ම ජනවාර්ගික, ආගමික හා සුළු ජාතීන් සියල්ලන්ම එයින් බැහැර කර ඇතැයි ද අෂ්රෆ් හයිදාරි පවසයි. ලොව පුරා පිහිටි සියළුම ඇෆ්ගන් තානාපති කාර්යාල සිය සාමාන්‍ය රාජකාරි කටයුතු කරගෙන යන බවද හයිදාරි ශ්‍රී ලංකා රජයට සහ විදේශ තානාපති කාර්යාලවලට ද පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More