කිළිනොච්චිය, ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ පැරණි වැසිකිළි වලක තිබී ක්ලේමෝ බෝම්බ සමඟ ආයුධ තොඟයක් සොයාගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදී අත්බෝම්බ 184ක්, ටී 56 පතුරොම් 35,500ක් ක්ලේමෝ බෝම්බ 05ක්, ආර්.පී.ජී උණ්ඩ 04ක් සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, කිලෝග්‍රෑම් 04ක් ඇතුළු යුධෝපකරණ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් යටතේ පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් විසින් එම උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...