දේශීය පුවත්

දේශීය ආදායම් නව බදු පනත මගින් කලා ක්‍ෂේත්‍රයට අහිමි වූ සහන නැවත ලබා ගැනීම සඳහා පක්‍ෂ භේදයකින් තොරව සියලු කලාකරුවන් පාරට බහින්න සූදානම් බව නිදහස්‌ කලා සන්ධානයේ සභාපති හා චිත්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා පැවැසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ පෙරේදා (06 වැනිදා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී ඒ මහතා මෙසේද කීවේය.

පනවා තිබූ 14% රැඳවුම් බද්ද ඉවත් කළ බවට ආණ්‌ඩුව සඳහන් කළත් එහි කිසිදු සත්‍යතාවක්‌ නැහැ බදු ඉවත් කර ඇත්තේ තමන් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටය සම්පූර්ණයෙන් වෙනත් අයෙකුට විකුණුවහොත් එම බදු මුදල් නිෂ්පාදකයාට නොව එය මිලදී ගත් නාලිකාව ප්‍රදර්ශන මණ්‌ඩලයට ගෙවන අන්දමටයි.

තමන් දුක්‌මහන්සියෙන් නිර්මාණය කරන ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටය මෙතෙක්‌ කළේ සම්පූර්ණයෙන් විකිණීම නොව වසර දෙකතුනකින් නැවත ලබා ගැනීමයි. මෙම බද්ද ඉවත් කළා කියන්නේ තම නිර්මාණ සම්පූර්ණයෙන් විකුණා දැමීමට ඉඩ සලස්‌වා අසරණභාවයට පත්කිරීමයි.

නව දේශීය ආදායම් බදුපනත මගින් රජය සිදු කරනුයේ සිය නිෂ්පාදනය තමන්ටද අහිමි කරමින් කලාවට සහ සාහිත්‍යයට ලබාදී තිබූ සහන ද කපා දමමින් දේශීය කලා කරුවා මෙන්ම ලාංකීය කලාව සහ සාහිත්‍යය නැත්තටම නැති කිරීමයි.

“රාජ්‍ය භාගයක්‌” වෙනුවෙන් මුදල් ගෙවන අවස්‌ථාවේදී මෙම බද්ද ගෙවිය යුතුයි. මෙම බදු ක්‍රමය නිර්මාණය කර ඇත්තේ ඒ පිළිබඳව කිසිම දැනුමක්‌ නැති පිරිසක්‌. මේ නිසා කලා ක්‍ෂේත්‍රයට විශාල හානියක්‌ සිදු වෙනවා.

2017 වසරට පෙර සිනමාව දියුණු කිරීම සඳහා පැවැති රජයෙන් විශාල ලෙස අපට බදු සහන ලබා දුන්නා. ඒත් නව බදු ක්‍රමය හරහා සියලු සහන අහිමි වී තිනෙවා. මේ නිසා සමහර නිර්මාණ කළ විට ඉන් ලැබෙන ලාභයට වඩා බදු ගෙවන්න සිදුවෙලා. ඒ නිසා ආදායමට අනුව සිය නිර්මාණ කිරිමට නිර්මාණ කරුවා පෙළෙඹෙනවා. එයින් සිදුවන්නේ කලාකරුවා පමණක්‌ නොව ප්‍රේක්‍ෂකයාද ඉන් ගොදුරක්‌ බවට පත්වීමයි.
අපි ආණ්‌ඩුවට කියනවා ලාංකීය කලාව සාහිත්‍ය මෙරටින් තුරන් කරන වැඩපිළිවෙළින් අයින් වෙන්න කියලා. කලා කරුවාගේ කරමතින් පැමිණි මෙම යහපාලන ආණ්‌ඩුව අද කලාකරුවාගේ හිසටත් පපුවටත් පය තබා තිබෙනවා. මෙම බදු පනත සම්පූර්ණයෙන් ඉවත් කරන තුරු පක්‍ෂභේදයකින් තොරව සියලු කලා කරුවන් අත්වැල් බැඳගෙන ඊට එරෙහිව කටයුතු කරනවා.

ප්‍රවීන නාට්‍යවේදී රෝහණ බැද්දගේ මහතා – ලිච්ඡවි පාලනයක්‌ ඇතිකරන්න කියා තමයි මේ ආණ්‌ඩුව බලයට ආවේ. වසර තුනක ලිච්ඡවි පාලනය මේකද කියා අපි ආණ්‌ඩුවෙන් අහනවා. මෙම බදු පනත හරහා කලාකරුවා මෙන්ම රටේ ජනතාවද අපහසුතාවට පත් කරලා.

රංගන ශිල්පී – ලාල් කුලරත්න මහතා – මේ බද්ද කලාකරුවාට දරාගන්න බැහැ. මේ බද්ද ගැන කලා කරුවෝ දන්නේ නැහැ. මෙය කලාව විනාශ කරන්න ගත් පියවරක්‌ දැයි කියා සිතනවා.

රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය – මේ බදු ක්‍රමයෙන් කලා කරුවාට පමනක්‌ නොව මහජනතාවටද උසස්‌ රසාස්‌වාදයක්‌ ලබාගන්න බැරි වෙනවා. මෙහි අවසානයේ වෙන්නේ පිටරට සිනමාව මෙරටට ගෙන්නලා ලාංකීය සිනමාව නැති කිරීමයි. නිදහස්‌ කලා සන්ධානයේ ලේකම් ඩග්ලස්‌ සිරිවර්ධන, රංගන ශිල්පී ජනක්‌ ප්‍රේමලාල් යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More