විදේශ පුවත්

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත.

මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව වේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් 180 ක් දුරින් පිහිටි මැන්ස්ෆීල්ඩ්( Mansfield ) ලෙස හඳුනා ගෙන ඇත.

පළමුව මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය රිව්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. පළමු කම්පනය සිදුවී විනාඩි 15 – 20 ත් අතර කාලයකදී තවත් එක සුළු පසු කම්පනයක් මෙල්බර්න් හි ඇතැම් ප්‍රදේශ වලට දැනී ඇතැයි වාර්තා වේ.

භූමිකම්පාවේ ප්‍රබලත්වය කැනබරා නුවර, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව, නිව් සවුත් වේල්ස්, සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුනු බව වාර්තාවේ.

මෙල්බර්න් නගර සීමාවට අයත් Chapel Street සහ South Yarra ප්‍රදේශ වල ගොඩනැගිලිවලට සිදුවුණු හානි සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තා වී තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More