දේශීය පුවත්

යළි ජාතික දේශපාලනයට අවතීර්ණවීම පිළිබඳව ඉදිරි මාස දෙක තුන තුළ තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.

මේ වන විට රටේ දේශපාලනය බොහෝ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ නිසා තීරණයක් ගැනීමට සුදුසුම කාලය ඉදිරි මාස දෙක තුන තුළ උදා වෙන බව ඔහුගේ අදහස වී ඇත. ජාතික දේශපාලනයට පැමිණෙන ලෙස තමාට මහනායක ස්වාමීන් වහස්සේ අවස්ථා කිහිපයකදීම සඳහන් කළ බවද පවසා සිටියේය.

ඍජු තීරණ ගන්නා ස්ථිර ප‍්‍රතිපත්තියක් සහිත නායකයෙකුට තමන් ඉදිරියේදී සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More