2021වසරට ඇමරිකානු රජයේ වියදම සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණය ලබන මස, එනම් ඔක්තෝම්බර් මස 18 වන විට අවසන් වීමට නියමිතය වීම හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය අවදානමකට ලක්වී ඇත.
මෙසේ ඇමරිකානු ආර්ථිකය අවදානමකට ලක් වන විට ගෝලීය ආර්ථිකයටද යම් බලපෑමක් එල්ල කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ඇමරිකානු ආර්ථිකය මෙම තත්ත්වයට මුහුණ පෑමට හේතුවී ඇත්තේ ජාතික ආදායමට වඩා ඇමරිකානු ණය ප්‍රමාණය වර්ධනය වී තිබීමය.
මෙම ගැටළුවට මුහුණ දීමට ඇමරිකානු රජය ණය සීමාව ඉහළ දැමීමට උත්සාහ කරන ලද අවස්ථාවේ කොංග්‍රස් මණ්ඩලය හමුවේ අවස්ථා දෙකකදීම යෝජනාව පරාජයට පත් විය.රිපබ්ලිකන් පක්ෂය විසින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙයට හේතු විය.
කෙසේ වෙතත් ඇමරිකාවේ ආර්ථිකයට බලපෑමක් සිදු වූවොත් එය ලෝකයටම අහිතකර ලෙස බලපානු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...