විදේශ පුවත්

ලෝකයේ රටවල් හතළිස් දෙකක් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් ඉක්මවා චීනයට ණය වී ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ්ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් මේ බව අනාවරණය කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.

චීනයේ එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ අදාල රටවල් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 385ක් වන මෙම ණය ප්‍රමාණය නිසි ලෙස වාර්තා වී නොමැති සැඟවුණු ණය ලෙස හඳුනාගෙන තිබේ.

රජයන් අතර කෙරෙන ණය ගනුදෙනු වලට අමතරව විවිධ ආයතන සම්බන්ධ වී විශාල වශයෙන් ණය ගනුදෙනු සිදු කිරීමත් ඒවා ලෝක බැංකුවේ ණය වාර්තා කරන ක්‍රමවේදයෙන් බැහැරව කර තිබීමත් නිසා මෙම ණය නිසි ලෙස වාර්තා වී නොමැති බවයි ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්වවිද්‍යාලයේ ඒඩ් ⁣⁣ඩේටා නම් සංවර්ධන ආයතනය සඳහන් කර ඇත්තේ.

රටවල් 165 ක 2000 වසරේ සිට 2017 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ඇමරිකානු ඩොලර් බිලියන 843ක් වටිනා චීන ව්‍යාපෘති 14,427ක් ඇසුරින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

එම කාලය තුළ චීනයෙන් ණය ලබාගත් ලොව ප්‍රමුඛතම රට වන්නේ රුසියාවයි.

එම ණයෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 151.8ක් වේ.

සැඟවුණු ණයගනුදෙනු සහිත රටවල් අතර ඉරාකය,උතුරු කොරියාව හා ඉතියෝපියාව කැපී පෙනෙන බවයි වාර්තා වන්නේ.

චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ තුළින් හෙළි කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More