විදේශ පුවත්

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවට රොද්‍රිගෝ ඩුටෙර්ටේ පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ඔහු පවසන්නේ තමන් උප ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවන අතර සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවය.

රොද්‍රිගෝ ඩුටෙර්ටේ දේශපාලන දිවියෙන් විශ්‍රාම ගතහොත් එල්ල වී ඇති අපරාධ චෝදනාවලට අදාළ විමර්ශනවලට ඔහුට පෙනී සිටීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිලිපීන ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති අපරාදමය චෝදනාවලින් බේරීසිටීම සඳහා ඔහු එළඹෙන ජනාධිපතිවරණය සඳහා සිය දියණිය ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවය.

කෙසේවෙතත් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගන්නා දිනය පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව සඳහන්ය.

රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන බවට ප්‍රතිඥා ලබාදෙමින් පිලිපීන ජනාධිපති ධුරයට පත් වු රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය පොරොන්දු නිසි පරිදි ඉටු නොකළ බව පවසමින් එරට විපක්ෂය ඇතුළු විශාල පිරිසක් චෝදනා එල්ල කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More