බ්‍රසීල වත්මන් ජනපති ජයිර් බොල්සොනාරෝව ධූරයෙන් පහ කරන ලෙස ඉල්ලා බ්‍රසීලය පුරා ජනයා එරට විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට රියෝ ද ජැනයිරෝ,සාවෝ පාවුලෝ ඇතුළු නගර 160ක මෙසේ විරෝධතා ව්‍යාපාර පැවැත් වේ.
මෙසේ එරට ජනයා විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීමට ජනපති බොල්සොනාරෝ අපොහොසත් වූ නිසා ඔහු වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.
බ්‍රසීලයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,459,117 වන අතර ලොව වැඩිම ආසාදිතයින් හමු වූ රටවල් අතුරින් බ්‍රසීලයට හිමිවනුයේ දෙවන ස්ථානයයි.
වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 597,749ක් වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් අතුරින් දෙවන ස්ථානයේ පසුවනුයේ බ්‍රසීලයයි.
2022 වසරේ බ්‍රසීල ජනපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජනපති බොල්සොනාරෝ ද තරග කිරීමට අපේක්ෂිත පසුබිමක මෙසේ ඔහුට විරුද්ධව විරෝධතා ව්‍යාපාර පැවැත්වීම විශේෂත්වයක් වන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...