Facebook සහ ඊට අනුබද්ධ සේවා මගින් ළමුන්ට දැඩි බලපෑම් එල්ලවන බව අමෙරිකානු කොංග්‍රසය ඉදිරියේ පැවති සාක්ෂි විමසීමකදී අනාවරණ වී තිඛෙනවා.
37 හැවිරිදි ෆ්‍රැන්සිස් හෝගන් වන Facebook හි හිටපු නිෂ්පාදන කළමණාකාරිනියක් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.
ඇය විසින් නගා ඇති චෝදනා Facebook ආයතනය විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර නොමැති බවයි වාර්ථා වන්නේ.
එමෙන්ම Facebook ඔස්සේ ජාතීන් අතර බෙදීම් ඇතිකරන දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුගමනය කරන බවද ඇය ප්‍රකාශ කර ඇත.
කොංග්‍රසය ඉදිරියේ මෙලෙස සාක්ෂි දුන් Facebook හිටපු නිෂ්පාදන කළමණාකාරිනිය විසින් රහසිගත ලේඛණ රැසක්ද පසුගියදා අනාවරණය කළා.
දැනට කෝටි 270 කට ආසන්න සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටින Facebook සේවාවන් නියාමනයකට ලක්විය යුතු බවට කලක පටන් විවිධ අදහස් පළවෙමින් පවතිනවා.
විශේෂයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමට සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ඔවුන් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවටයි චෝදනා එල්ල වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...