විදේශ පුවත්

දකුණු දිග පාකිස්තානයේ අද (7) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබේ.

එරට ආපදා කළමනාකරණ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් ජීවිතක්ෂයට පත් පිරිස තවත් ඉහළ යා හැකි බවත් ය.

භූ චලනයත් සමග ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

සහන කණ්ඩායම් මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, ගල් අඟුරු පතල් විශාල ප්‍රමාණයක් ඇති හර්නායි දිස්ත්‍රික්කයට භූ චලනයෙන් වැඩි බලපෑම් සිදුව ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More