විදේශ පුවත්

සිංගප්පූරුවේදීය (රොයිටර්)

ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවට පැමිණ සිටිති.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තොග මෙන්ම කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම මෙම ඓතිහාසික හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ජී – 7 සමුළුවට සහභාගී වී සිටි ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකා දූත පිරිස කැනඩාවෙන් සිංගප්පූරුව බලා පිටත් වූයේ සෙනසුරාදා (9) දිනයේදීය. කෙසේ නමුත් උතුරු කොරියානු නායකය අද, ඉරිදා (10) සිංගප්පූරු වේලාවෙන් සවස 3ට පමණ වනවිට එරට පැමිණියේය.

ඉන් පැය කිහිපයකට පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණියේය. සිංගප්පූරුවට පැමිණි උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට අගමැති ලී සියැන් ලොන් හමු වූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ද ඔහු හමු වීමට නියමිතව තිබිණි. ඇමෙරිකා ජනාධිපතිවරයා නවාතැන් ගන්නේ සිංගප්පූරුවේ අගනුවර පිහිටි ෂැංග්‍රිලා ලා හෝටලයේ නවාතැන් ගන්නා බව ධවල මන්දිරය සඳහන් කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා ‘එයාර්ෆෝස් වන්’ නිල ගුවන් යානයෙන් සිංගප්පූරුවට පැමිණි අතර ඔහු සමඟ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී සහ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ද සිංගප්පූරුවට පැමිණියහ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවට පැමිණියේ ‘අයි.එල් 62’ නැමැති ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙනි. ඉලුෂින් ‘අයි.එල් 62’ ගුවන් යානා සෝවියට් රුසියාවේ නිෂ්පාදනය. මෙම වර්ගයේ පළමු ගුවන් යානය නිෂ්පාදනය කරන ලද්දේ 1962 වසරේදීය.

(055)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More