දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ පස්ස දොරින් ‍ විස්ස දාලා තියෙන්නේ කවදාකවත් ජනතා ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති කිරීමට යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත් 9දා ගාල්ල කතළුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ මේ 20 වැනි සංශෝධනය කියලා කොන්ත්‍රාත් එකක්නේ කරන්නේ. මේ 20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වුවමනාවටයි.

රනිල් මහත්තයා පැහැදිලිවම දන්නවා කවදාවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා මේ රටේජනාධිපති වෙන්න බෑ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේකේ විධායක බලතල තියෙන අගමැති වෙන්න තමයි පස්ස ‍ෙදාරින් විස්ස දාලා තියෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ මේ 20 වැනි සංශෝධනයෙන් මොකක්ද වෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225න් තමයි ජනාධිපති තෝරා ගන්නේ. එතකොට නිකමට හිතන්න පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා මුදල් ප්‍රකෝටි ගාණක් හම්බ කරලා තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ බෙදපු විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 118කට සල්ලි බෙදලා එතුමටත් ජනාධිපති වෙන්න පුළුවන්.

මේක කොච්චර විශාල අගතියක්ද මේ ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ. දැන් මේ ඉන්න ජනාධිපති පත් කරන්න මේ හැම එක්කෙනාම ඡන්දේ දෙන්න ඕනෑ. එක්කෝ පක්ෂව හෝ විපක්ෂව. එතකොට ජනාධිපති පත් වෙන්නේ ජනතා ඡන්දයෙන්. පාර්ලිමේන්තුවේ මුදලට අලෙවි වන මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් නෙවේ.

ඒ නිසා තමයි අපි කියන්නේ මේ 20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරලා තියෙන්නේ. කවදාකවත් ජනාධිපති වෙන්න බැරි රනිල් වික්‍රමසිංහට පස්ස ‍ෙදාරින් විධායක බලතල තියෙන අගමැති වෙන්න තමයි මේ 20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More