දේශීය පුවත්

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ඊට සම්බන්ධ චීන සමාගමෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 585 ක මුදල අදාළ දෙරට අතර ඇති බදු ගිවිසුම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක්‌ මත ශ්‍රී ලංකාවට නොදී රඳවා ගැනීමට අදාළ සමාගම කටයුතු කර ඇතැයි වාර්තා වේ.

අදාළ ගිවිසුමට එළඹ සිටින චීන මර්චන්ට්‌ සමාගම පවසා ඇත්තේ බදු ගිවිසුම ප්‍රකාරව විනෝදාස්‌වාද කලාපයක්‌ ඉදිකිරීමට එකඟතාවක්‌ ඇති කරගෙන ඇති බවයි. එම වරායට ආසන්නව ගොඩකර ඉදිකරන ලද භූමියේ මෙම විනෝදාස්‌වාද කලාපය ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන ප්‍රශ්නය සමථයකට පත් වන තෙක්‌ අදාළ ගෙවීම එම සමාගම විසින් අත්හිටුවනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් වරාය සභාපති පරාක්‍රම දිසානායක මහතා පවසා ඇත්තේ හම්බන්තොට වරාය කලාපය ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත යටතට ගැසට්‌ කර ඇති බැවින් එම භූමිය යොදා ගත හැක්‌කේ නාවික හෝ වරාය ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා පමණක්‌ බවයි. ඒ නිසා එම භූමිය විනෝදාස්‌වාද හෝ සංචාරක කටයුතු සඳහා යොදාගත නොහැකි බවද වරාය සභාපතිවරයා කියයි.

මේ ප්‍රශ්නය සමථයකට පත්වන තෙක්‌ හම්බන්තොට වරාය බදු ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතු මුදල චීන මර්චන්ට්‌ සමාගමට අයිති බැංකු ගිණුමේ රඳවා ගැනෙනු ඇති බවද වාර්තාවේ.

මේ ප්‍රශ්නය විස¹ ගත් පසු පමණක්‌ අදාළ මුදල ශ්‍රී ලංකාවේ මහ බැංකුවට ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.

හම්බන්තොට වරායට අයත් සම්පූර්ණ කලාපයම ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත යටතේ ගැසට්‌ කර ඇති නිසා එම කලාපය තුළ කැසිනෝ ශාලා හෝ සංචාරක ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා කිසිදු පාර්ශ්වයකට අවසර දිය නොහැකි බවද වරාය සභාපතිවරයා තවදුරටත් මාධ්‍යයට පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More