දේශීය පුවත්

තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලු මුල් කරගනිමින් අද (11) පස්වරු 4.00 සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

මෙම අඛණ්ඩ වැඩ වර්ජනය නිසා දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3410ක සහ පාලන කාර්යාල 100කට අධික ප්‍රමාණයක කටයුතු මුළුමනින්ම අඩපණ වීමට තිබෙන බවද එම වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දෙයි.

එසේම තැපැල් ප්‍රවාහනය, තැපැල් බෙදීම ඇතුළු වැඩකටයුතු රැසක්ද මුළුමනින්ම අඩපණ වන බවත්, මෙහිදී ජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබඳ වගකීම තැපැල් සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු නොකරන පාලනාධිකාරිය ඇතුළු අදාළ බලධාරීන් බාරගත යුතු බවද එම වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් චින්තක බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය, ලංකා කනිෂ්ඨ පරීක්ෂක හා තැපැල් තේරීමේ නිලධාරී සංගමය, සමස්ත ලංකා තැපැල් ස්ථානාධිපති සංගමය ඇතුළු තැපෑ‍ලේ ප්‍රබල පෙළේ වෘත්තීය සමිති 24ක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්ව සිටින බවද ඒ මහතා පැවැසීය.

අදාළ බලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවද ඒවා හුදෙක් සාකච්ඡා මිස සිය ගැටලුවලට විසඳුමක් නොවූ බවද පැවැසූ ඒ මහතා මේ තත්ත්වය තුළ අද (11) ආරම්භ කරන අඛණ්ඩ වැඩවර්ජනය සිය ඉල්ලීම් දිනාගැනීමෙන් මිස කිසිසේත් අත්නොහරින බවද දැඩිව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More