එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ගොඩනංවන පුළුල් සන්ධානයේ ව්‍යුහය සහ එහි වැඩපිළිවෙළට අදාළ යෝජනාව හෙට (12දා) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.
මේ යෝජනාව දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදී තිබෙන බවත්, ඒ මහතා විසින් එය හෙට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නානායක්කාර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම පක්‍ෂ හා එහි කණ්ඩායම්වලට අමතරව මෙම පුළුල් සන්ධානය සමඟ එක්සත් ජාතික පක්‍ෂ විරෝධී ඕනෑම දේශපාලන පක්‍ෂයකට හා සංවිධානයකට සන්ධානගතවීමට හැකි බවද නානායක්කාර මහතා පෙන්වා දෙයි.
එම පුළුල් සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට, 16 දෙනාගේ කණ්ඩායමටද මෙම සන්ධානය සමඟ එක්විය හැකි බවද නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟෙන මෙම පුළුල් සන්ධානයේ නම ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ හා ලාංඡනය ‘මල් පොහොට්ටුව’ වශයෙන් අවශ්‍ය නම් නම් කළ හැකි බවද වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.
Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...