අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් දේශපාලඥයන් අතට පත්ව ඇතැම්විට ඒවා ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මැතිවරණයටක් ළං වන විට විවිධ පුද්ගලයන් සහ සංවිධාන ඒ සඳහා වියදම් කිරීමට මුදල් දෙන බවත් එම පුද්ලගලයන් ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බවත් ඇමතිවරයා පවසයි.
එම පදනම මත එලෙස මුදල් ලබා ගත් දේශපාලඥයන් ඉවත් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයි ද ඇමතිවරයා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් වලට පිළිතුරු වශයෙනි.
සරත්ෆොන්සේකා කළ මෙම ප්ප‍්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දෙන්නේ “මේක බරපතල ප්‍රකාශයක්. මෙරට දේශපාලකයෝ එහෙම දූෂිත ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගන්නවා නම් ඔවුන්ගේ අභිමථාර්ත මුදුන්පත් කර ගැනීමේ අරමුණින් තමයි මේ මුදල් ලබා දෙන්නේ. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් එය හානියක් වෙනවා. රටේ ඉහළින්ම ඉන්න පුද්ගලයා මේ පිළිබඳ පැහැදිළි ප්‍රකාශයක් කරනවානම් අනෙක් දේශපාලනඥයින්ටද ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවෙනවා. ” යනුවෙනි.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දැනටමත් පිළිගෙන අවසන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...