බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් මෙලෙස පිහි පහරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසෙක්ස් ප්‍රාන්තයේ මහජන හමුවකට සහභාගි වී සිටි අවස්ථාවක දී ඔහු එම පිහි පහරට ලක්ව ඇත.සිද්ධිය සම්භන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලීසිය 25 හැවිරිදි සෝමාලියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ පොලීසිය සඳහන් කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බවයි.
1983 වසරේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලැබූ ඩේවිඩ් අමෙස් මිය යන විට 69 හැවිරිදි වියේ පසු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...