විදේශ පුවත්

ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමටද නියමිතව තිබේ.

එම ගුවන්තොටුපොළ ලබන බදාදා විවෘත කිරීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ගුවන්තොටුපොළ විවෘතකිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගිවීමට නියමිතය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ මහ සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගිවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනා කිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More