දේශීය පුවත්

අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැමැත්ත ලබා ගැනීමේ කාර්යය සිදු කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
බදුල්ලේ සිය නිවසේ දී අද (11) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයේ ඉන්න ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරවන්න ඕන කියන කාරණයේ. එතකොට ඔය එක එක සාත්තර කාරයින්ගේ කීම් අහල එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල්පාරුවෝවන්ට දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කවුද කියල. ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ කාරණය කරන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කාලයේම එතුමා කැමැති කරවා ගැනීමේ කාර්යය තමයි අපි 16 දෙනාගෙ කණ්ඩායමේ පරමාර්ථය යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More