දේශීය පුවත්

W. M. මෙන්ඩිස්‌ සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රුපියල් මිලියනය බැගින් වූ චෙක්‌පත් 03ම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිස් වැඩිදුර විමර්ශන වාර්තාව අනුව හෙළි වී තිබේ.

2015 වසරේ මහ මැතිවරණය පවත්වා ඇත්තේ 2015 අගෝස්‌තු 17 වැනිදා වුවත්, අදාළ චෙක්‌පත් 03ම නිකුත් කර ඇත්තේ ඊට පසුව බව අනාවරණය වී තිබේ. එනම් එක්‌ චෙක්‌පතක්‌ 2015.08.24 දිනද, තවත් චෙක්‌පතක්‌ 2016.03.31 දින සහ තවත් චෙක්‌පතක්‌ 2015.11.12 දින ද නිකුත් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

මින් 2015.08.24 දිනැතිව නිකුත් කරන ලද රුපියල් මිලියනයේ චෙක්‌පත 2015 මහ මැතිවරණය පැවැති 2015.08.17 දිනට ආසන්න දිනයක ලියවී තිබුණත් එහි ද චෙක්‌පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වන්නේ 2015 මහ මැතිවරණයට සතියකට පමණ පසු දිනයක් බව වාර්තා වේ.

අදාළ චෙක්‌පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් සියල්ලන්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරගෙන එම ප්‍රකාශවල සාරාංශයන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More