විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අද (12) දින පැවැත්වීමට නියමිත සමුළුවට පෙර දින රාත්‍රියේ උතුරු කොරියානු නායක කිම් ජොංග්‍ උන් සිංගප්පුරුවේ අසිරිය විඳ ගැනීම සඳහා තමන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සංචාරයක නියැළුනා.

මෙහිදී උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ගාර්ඩ්න්ස් බේ උද්‍යානයට පැමිණි අතර එහිදී තමන් සමග පැමිණ සිටි සිංගප්පුරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමඟ “සෙල්ෆි” ජායාරුපයක් ගැනීමටද අමතක කලේ නැහැ.

ඉන් පසුව සිංගප්පුරුවේ සුපිරි තරු පන්තියේ හෝටලයක් වන මැරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ මුදුන් මහලේ සිට සිංගප්පුරුවේ අපුර්වත්වය දැක බලා ගැනීමෙන් අනතුරුව හෝටලය තුල පිහිටි කැසිනෝ සමාජ ශාලාව ද නිරීක්ෂණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

උතුරු කොරියානු නායකයා මැරිනා සැන්ඩ්ස් බේ හෝටලයට පැමිණි අවස්ථාවේ එහි සිටි පිරිසගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවූ බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ අසිරිය විඳ ගනිමින් ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කරන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් සමග අද දින පැවැත්වෙන සමුළුව සඳහා සුදානමි වෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More