විදේශ පුවත්

කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකෙන නවසීලන්තයෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබෙනවා.

එරට විශාලම නගරය ලෙස සැලකෙන ඕක්ලන්ඩ් නගරයෙන් අද (25) කොවිඩ් ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි වැඩිම ආසාදිතයින් ගණන එය ලෙස සටහන් වනවා.

මාස දෙකකට අධික කාලයක් එම නගරය තුළ සංචරණ සීමා පනවා තිබුණ ද ඕක්ලන්ඩ් නගරය තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්වී නැහැ.

මේ අතර එහි දකුණු දූපතෙන් පළමු වරට ප්‍රජාව අතුරින් ද ආසාදිතයෙක් හමුවී තිබෙනවා.

එරට පිටස්තර සමාජයෙන් ආසාදිතයෙක් හමුවී ඇත්තේ වසරකට පමණ පසුවයි.

ආසාදිතයින් හමුවීමත් සමගම කොව්ඩ් සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවතවරක් කල්පනා කළ යුතු බව එරට බලධාරීන් පවසනවා.

එරට එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට ද පියවර ගෙන තිබෙන් අතර මේ වනවිට එරට එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති පිරිසෙන් 71%කට එන්නත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර චීනය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

විදේශ සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11කින් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

පවතින තත්වය සලකා ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More