ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රී ල. නි. ප. නව මහ ලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්‌ථාවරය හෙළිදරව් කරමින් ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්‌ථාවරය ජනතාව නිරතුරුව විමසා සිටි බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපති අපේක්‍ෂකත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රිජුව හෝ වක්‍රව කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරන බවත්, කිසිදු අවස්‌ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර, පෝෂණය කළ ජනතාවට ද්‍රෝහි නොවන බවත් ජී. එල්. පීරිස් මහතා කීවේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...