නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
රාජ්‍ය අමාත්‍යවරු
01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඞ්වඞ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ මහත – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
————————————————————
රංජිත් අලූවිහාරේ සංචාරක, නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන, අද දිවුරුම් දෙන එජාපයේ පසුපෙළ 06දෙනා මෙන්න
එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල අද (12) දිවුරුම්දීමට නියමිතය. එ්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මෙම උත්සවය පෙරවරු 9.00 ට ආරම්භ වනවන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලූවිහාරේ, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ එඞ්වඞ් ගුණසේකර මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව අද දිනයේදී ලකී ජයවර්ධන කදුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
රංජිත් අලූවිහාරේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් බුද්ධික පතිරණ වෙළද වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...