දේශීය පුවත්

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.

ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය.  මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය

ප‍්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා ආනමඩුව ආසනයේ ශ‍්‍රිලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඊයේ දිනයේ එම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More