මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලුදෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදී ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමියන් පවසයි.
මාතලේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව පැවසීය.
උන්වහන්සේ එහිදී මෙසේ අදහස් දක්වනු ලැබීය.
“මැතිඇමතිවරු, මන්ත්‍රීවරු, නිලධාරී මහත්වරු මේ ඔක්කොගේම ක්‍රියාකාරිත්වය වල් වැදිලා. කවදා මේක හරි යයිද කියලා කියන්න බැහැ. දැන් අවුරුදු 70යි අපිට නිදහස ලැබිලා. රට කොතනද දියුණු වුණේ? මත්කුඩු, මිනීමැරුම්, දුෂණවලින් පිරි ඉතිරි ගිහින් තියෙන්නේ. මැතිඇමතිවරු ඒ අයගේ ඉල්ලීම් දිනාගන්න අර පැත්තට මේ පැත්තට ගියපු අය ගෙම්බෝ වගේ පනිනවා. කොහොමද මේ රට හරි යන්නේ? කවුද මේ රට හදන්න එන පාලකයා. ඉතින් කණගාටුයි. අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු ඝෝෂාව දාලා මැති ඇමතිකම් දිනා ගන්නවා කවදාවත් මිනිස්සු ගැන බලන්නේ නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. ආරංචිනේ ලක්ෂ 8ක් දක්වා ඉදිරියට වැඩි කරනවා කියලා. ආරංචියක්. මම දන්නේ නැහැ හරි යයිද නැද්ද කියලා. මන්ත්‍රීන්ගේ පුත්තු ගැන නම් අනේ කියන්නම දෙයක් නැහැ. එක එක්කෙනා ගැන හිතුවාම නම් හරි පුදුමයි. පොලීසියෙ මහත්වරු තරහා වුණත් කමක් නැහැ ඒ ඇත්තන්ගේ පුත්තුත් ටිකක් දඩබ්බරයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...