විදේශ පුවත්

ඉන්දියාවෙන් සිකා රැල්ලක්

November 9, 2021 12:34 pm | Lanka Lead News

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් රාජ්‍යයෙන් සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 89 වාර්තා වීමත් සමග රාජ්‍යය පුරා ආසාදිතයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

හඳුනාගත් ආසාදිතයින් පිරිස අතරට ළමුන් 17 දෙනෙකුද ඇතුළුත් බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

උත්තර් ප්‍රදේශ් හී කන්පුරයෙන් ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා පළමු ආසාදිතයා වාර්තා වූ අතර ඒත් සමඟම සීඝ්‍රයෙන් ආසාදිතයින් වාර්තා වූ බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙපාල් සිං ප්‍රකාශ කර තිබෙනවා.

මදුරුවන් හරහා පැතිර යන සිකා වෛරසය පළමුවරට 2017 වර්ෂයේදී ඉන්දියාවෙන් වාර්තා විය.

වෛරසය වැලදුනු ළදරුවන්ගේ මොළයේ වර්ධනයට භාදාවන අතර ඇතැම්විට වෛරසය ලිංගිකවද සම්ප්‍රේෂණය විය හැකි බව වෛද්‍යවරුන් පවසයි.

ඉන්දියාවේ වැඩිම ජනගහණය සහිත රාජ්‍යය උත්‍තර ප්‍රදේශය වන අතර එය කෝටි 20 ක් එය ශ්‍රී ලංකාවෙ ජනගහනයමෙන් 10 ගුණයක් වෙනවා. ඒ අනුව වෛරස පැතිර යාම වළක්වාලිමට විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

සිකා වෛරසය මුල්වරට 1947දී උගන්ඩාවේ වානරයින් අතර හදුනාගත් අතර මිනිසෙකුට වෛරස ආසාදනය වීමක් පළමුවරට 1954දී නයිජීරියාවෙන් වාර්තා විය.

කෙසේවෙතත් 2015 වර්ෂයේදී බ්‍රසීලය පුරාද වෛරස ආසාදනය වූවන් වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More