ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට බාර දුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපතක් රට ගොඩනැංවීමේ ජාතික ව්‍යාපරය විසින් අද (12) ජනාධිපති අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය වෙත බාර දෙන ලදි.
සංදේශය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රට ගොඩනැංවීමේ ජාතික එකමුතුවේ සභාපති රජ රට අනුරාධ තෙන්නකොන් මහතා පවසා සිටියේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතක් ජනාධිපතිවරයා සතුව නොමැති බව පුවත්පත් මගින් දැනගැනීමට ලැබුණු බැවින් ජනාධිපතිවරයාට මෙම පිටපත බාර දීමට කටයුතු කළ බවය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ආකාරයට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටද බෙදුම්වාදී සංශෝධන ඇතුල් කිරීමේ අනතුරක් ඇති බවත් මෙම පනත් කෙටුම්පත පිළිබදව ගරු ජනාධිපතිතුමා දැනුවත්වීම ඉතා වැදගත් වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...