ජනවාරි 06 කැරැුල්ල පිළිබඳ රහසිගත ලේඛන එරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදීම වළක්වන ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් 08 වැනිදා එරට ඞී. සී. අධිකරණයෙන් කළ ඉල්ලීම් විනිසුරු ටාන්යා චුට්කාන් විසින් පෙරේදා (09 දා) ප්‍රතික්ෂේප කරන ලදී.
සිය තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරිය පැවසුවේ හෙට (12 දා) ආරම්භ වන එක්සත් ජනපද මන්දිරයට ජනවාරි 06 දා එක්සත් ජනපද කැපිටල් ප්‍රහාරයට පෙර සහ ඊට ආසන්න කාලය දක්වා වූ ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයෙහි ලිපි ලේඛන පිටු සිය ගණනක් ලබාදෙන බවය.
ට්‍රම්ප්ගේ සියලූ නීති තර්ක ප්‍රතික්ෂේප කළ විනිසුරුවරියගේ මෙම තීන්දුව හිටපු ජනාධිපතිවරයකුගේ බලය පිළිබඳ ඓතිහාසික නඩුවක් බව වාර්තා වේ.
විනිසුරුවරියගේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව ට්‍රම්ප් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...