කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ හේතුව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව අනාවරණය වී ඇත්තේ මහසෙන් දේවාලයේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු වූ බවය.
මේ සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරයි.
——————————————
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති (Video)
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි.
නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී ඇත.රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී තිබෙන බව පොලිස් ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව අද රාත්‍රීයේ පරීක්ෂණ ආරම්භ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...