දේශීය පුවත්

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නම් 4 ක් යෝජනා වී ඇති බවත් ගෝඨාභය, චමල්, බැසිල් යන රාජපක්ෂවරුන් හා දිනේෂ් ගුණවර්ධන ඒ අතර වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

“පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කළා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමාට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම ඇමතිකමක් ඔයාට නම් ලැබෙන එකක් නෑ කියලා. අපි තාම ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඉවර නැති වුණාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බවට නියත විවරණ දෙන්නේ අපේ පරම සතුරු පිලේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. ඒක අපිට හොඳටම ඇති අපේ අපේක්ෂකයා දිනන බවට ඒක හැරෙනන් වෙන සහතිකයක් අපිට අවශ්‍ය නෑ.”

ඔබතුමාලගේ නම් අතර තව මොනවාද නම් තියෙන්නේ?

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වුණා. චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා වුණා, දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වුණා.”

ඇයි රාජපක්ෂ කෙනෙක්ම තෝරගන්න හදන්නේ?

“මම හිතන්නේ දිනේෂ් රාජපක්ෂ නෙමෙයි දිනේෂ් ගුණවර්ධන. වැදගත්ම වෙන්නේ දක්ෂයෙක්ද නැද්ද කියන. උපන් උපන් රාජපක්ෂලා දක්ෂයෝ වෙලා. මම මොනවා කරන්නද?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More