මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප්රිය බන්දු හට යුද හමුදාව සේවා දිගුවක් ලබාදී තිබේ.
ඒ, තවත් වසරක කාලයක් සඳහායි.
ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේය. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප්රිය බන්දු විනය හේතුවක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරුකර තිබුණි.
ඔහු සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ 2012 වසරේ සිටය.
ඔහු එම ධුරයට සමුදී අඹේපුස්ස කඳවුර වෙත ස්ථාන මාරුවීම් ලැබ පිටව යන අවස්ථාවේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් දැක්වූ ගෞරවය ඉකුත් දින කිහිපයේදී දැඩි කතාබහක් මතු කළේය.
එහිදී කර්නල් රත්නප්රිය බන්දු කළ සේවාවට ප‍්‍රදේශයේ ජනතාව ඔහුට ආචාරය පුද කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. ඔහු මේ වනවිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවයේ පිහිටුවා ඇත.
(මේ දිනවල සමාජ ජාලාවල හුවමාරැවන සංවේදී වීඩියෝව පහමතින්)
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්, හැඩූ කඳුළින් කර්නල්ට සමුදෙයි –
දෙමළ ජාතිවාදී නායකයිනි, මෙන්න සහජීවනයලුතිනන් කර්නල් රත්නප්රිය බන්දු විරැවාණෙනිඔබට අපගේ ආචාරය!
Gepostet von Nimal chandana am Dienstag, 12. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...