දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ පින්ලන්තයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී හිටපු ඇමැති රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙසේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා ඇති අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරු, මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඇතුළු අගමැතිවරයාට සමීප ඇමැතිවරු කිහිපදෙනෙක් දැඩි ලෙස විවේචනය කර තිබේ. මේ පිළිබඳව අගමැතිවරයාට මන්ත්‍රීවරු පිරිසක් දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.

රවි කරුණානායක මන්ත්‍රීවරයාට ඇමැති ධුරය අහිමිවීමෙන් පසුව ඔහුට හිතවත් රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරු සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙක් එම තනතුරුවලින් මේ වනවිටත් ඉවත් කර තිබේ. ඒ අතර රවි කරුණානායකට හිතවත් තවත් සංස්ථාවක ප්‍රධානියෙක් ඉල්ලා අස්වී ඇත.ඉහත වැඩමුළුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණි දින දිවා ආහාරය මෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහය විදේශීය මත්පැන් සමග සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවා ගනිමින් පවත්වා තිබේ. වැඩමුළුවට පැමිණි මන්ත්‍රීවරුන් සඳහා රාත්‍රියේ නවාතැන් ගැනීමට වෙන වෙනම සුඛෝපභෝගී කාමරද සපයාදී තිබේ.

මෙම වැඩමුළුව පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ලවන චෝදනාවලට පිළිතුරුදීමටබව කීවත් රැස්වීමේ වැඩි කාලයක් වෙන්වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ඇමැතිවරුන් විවේචනය කිරීමට බව අනාවරණය වී ඇත.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටියදී නායකත්වයට නොදන්වා සමුළුවක් කැඳවා අමාත්‍යවරුන් විවේචනය කිරීම ගැන දිවයිනට පැමිණි වහාම අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පරීක්ෂණය පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More