පුරවැසි කොලම

ඉන්දීය බුද්ධි අංශ පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු සොයාගත්තේ කෙසේද? නවදිල්ලි ගැටුම් කළමනාකරණ ආයතනයේ ප‍්‍රධානි අජායි සහානි මුල්වරට පාස්කු ප‍්‍රහාරය ගැන දැනගත් අයුරු හෙළිකර ඇත.

ඒ දකුණු ඉන්දියාවේ අයිසිස් පණිවුඩ හුමවාරු ජාලයේ රහස් වචන මාලාව සොයාගැනීමෙන් සහ පණිවුඩජාලයට ඇතුළු වීමෙනි. අජායි සහානි මෙලෙස එම තොරතුරු අනාවරණයකර ඇත.

‘‘ශ‍්‍රී ලංකාව ප‍්‍රහාරයක් එල්ල කරන කණ්ඩායම දැනගත්තා. ඉලක්ක ගැන ද හෙළිවුණා. ප‍්‍රහාරය එල්ලවන කාලසීමාවත් ප‍්‍රහාර එල්ලවන්නේ කුමන ස්ථානයකට දැයි තොරතුරු සොයාගත්තා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද හඳුනාගනු ලැබුවා. මේ සියලූ රහස් තොරතුරු 2019 අපේ‍්‍රල් 4 වැනිදා ශ‍්‍රී ලංකාවට ලබාදුන්නා.’’ අයිසිස් සංවිධානයට සම්බන්ධ නැෂනල් තව්හිද් ජමාත් නමැති සංවිධානය මෙම පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටින බව ඉන්දීය බුද්ධි අංශවලට හෙළිවූයේ දකුණු ඉන්දියාවේ අයිසිස් අනුගාමිකයන් ගැන විමර්ශනය කිරීමේදීය. එහිදී නමක් මතුවූ අතර එම නම පිළිබඳව කිසිදු වාර්තාවක් ඉන්දීය බුද්ධි අංශ වාර්තාවල සටහන් වී නොතිබුණි. එම පසුබිම මැද දකුණු ඉන්දියානු අයිසිස් අනුගාමික සන්නිවේදන ජාලය තුළට ඇතුළුවී හදිසි ප‍්‍රහාරයට හයදෙනකු සම්බන්ධ බව එම පණිවුඩ ජාලයෙන් සොයාගත හැකිවිය. නව දිල්ලි ගැටුම් කළමනාකරණ ආයතනයේ අජායි සහානි තවදුරටත් හෙළිකළේ අයිසිස් අනුගාමිකයන්ගේ රහස්‍ය කටයුතු නිරීක්‍ෂණය කරන අවස්ථාවේ මතුවූ නම ගැන සෙවීමේදී අහම්බෙන් පාස්කු ප‍්‍රහාරය ගැන කල්තියා තොරතුරු හෙළිවූ බවයි.

දකුණු ඉන්දියානු අයිසිස් ජාලයෙන් සොයාගත් එම පාස්කු ප‍්‍රහාර රහස් තොරතුරු සියල්ල ඉන්දීය බුද්ධි අංශ විසින් පටිගත කරනු ලැබීය.

එහෙත් ශ‍්‍රී ලංකාවේ රජය කල්තියා එය වැළැක්වීමට කි‍්‍රයානොකළේ මන්ද?

ඉන්දීය බුද්ධි අංශ දක්වන්නේ ඉන්දියාව ලබාදුන් තොරතුරු කෙරේ ශ‍්‍රී ලංකාව විශ්වාස නොකළ බවයි.

මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ මේ තොරතුරු පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර ගැටුමක් ඇතිකිරීමේ අරමුණින් ඉන්දියාව දියත්කළ සැලසුමක් යැයි ශ‍්‍රී ලංකාව අදහස් කළා යැයි ඉන්දීය මාධ්‍ය හෙළිකළේය.

එහෙත් ඉන්දීය බුද්ධි අංශ විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හයදෙනෙක් වැදගත් පල්ලිවලට ප‍්‍රහාර එල්ල කරන බවට මුල්ම තොරතුර ශ‍්‍රී ලංකාවට ලබාදුන්නා යැයි අජායි සහානි තවදුරටත් අනාවරණය කළේය.

මේ අතර මහාවීරනාල් හෙවත් මහාවිරුවන් අනුස්මරණය කිරීමේ කොටි ත‍්‍රස්තවාදී සමරුව ඊයේට (27) යෙදී තිබුණි. ජර්මනිය ඇතුළු රටවල් රැසක එම සමරු උත්සව පැවැත්වුණි. එහෙත් මියගිය බව කියන කොටි රැසක් යුරෝපා රටවලදී දක්නට ලැබුණි.

ඊට හොඳම නිදසුන ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයා වූ දයා මෝගන් ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ සැරිසරන අයුරු දක්නට ලැබීමයි. දයා මෝහන් හමුදාව ඝාතනය කළ බව පැවසුවත් ඔහු ස්විට්සර්ලන්තයට පැනගොස් තිබුණි. එසේම ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ යන රටවල කොටි 200කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් මියගිය බවට ප‍්‍රචාරය කර තිබුණි. 1989 නොවැම්බර් 27 දා ෂංකර් හෙවත් සත්‍යනාදන් හෙවත් සුරේෂ් මරුමුවට පත්වීමෙන් පසු එදා සිට කොටි සංවිධානය මහාවිරු සමරුව පැවැත්වීමට තීරණය කළහ. මෙලෙස සමරන්නේ සිවිල් වැසියන් නොව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ය. වන්නි මෙහෙයුමේදී කිළිනොච්චිය ඇද වැටීමෙන් පසු එම කොටි මිනීමරුවන් රැසක් නෝර්වේ ස්විට්සර්ලන්තය, ජර්මනියට සහ ප‍්‍රංශයට පැනගියහ.

මේ කොටින්ගේ අනන්‍යතාවය කිසිදු රටක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට හෙළිකළේ නැත. ඔවුන්ට දේශපාලන රැකවරණ පමණක් නොව ඔවුන්ගේ නම්ද වෙනස් කිරීමට ඉඩ ලැබුණි. ජර්මානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් මහා විරුවන් හෙවත් මිනීමරු කොටි 10 ක් පිළිබඳව විමර්ශනය කිරීමේදී ඔවුන්ගේ නම් වෙනස්කර තිබූ බව හෙළිවිය. මෙම කොටි ත‍්‍රස්තයන්ගෙන් කීපදෙනකු හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ බව ද අනාවරණය විය. ශ‍්‍රී ලංකාවේ සිට ජර්මනියට පැනගිය මෙම කොටි මහාවිරවැන් යැයි කියන කොටි ත‍්‍රස්තයන් ගැන එරට සිටින ද්‍රවිඩයන්ගෙන් තොරතුරු හෙළිවී තිබුණි.

මේ කොටි ත‍්‍රස්තයන් කවුදැයි දැන් හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශය පාස්කු ප්‍රහාරකයන් සොයාගත් අයුරු
ඒ බාලචන්ද්‍රන් බාලසුබ‍්‍රමනියම්, දයාධරන් ආරුමුගම්, සෙන්නිල් කුමාරන් කන්දසාමි, කනපතිපිල්ලේ කෝනේෂ්වරන්, දුෂ්‍යාන්ති අරුනාසලම්, යෝගරාජා ශ‍්‍රීස්කන්ධරාජා, සුමති උදයකුමාර්, වයිතිලංගම් ජෝතිලිංගම්, ගෝපලපිල්ලේ ජොයිනිලිංගම්, කුමානන් ධර්මලිංගම් මේ නම් ජර්මානු අධිකරණයෙන් ලබාගැනීමට මියුනිච්හි සිටින ශ‍්‍රී ලාංකිකයකුට හැකිවිය. මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් කීදෙනෙක් යුරෝපා රටවල සිටින්නේ දැයි හෙළිවී නැත. එහෙත් ස්විට්සර්ලන්තයේ කොටි විරෝධි ආරංචි මාර්ග පැවසුවේ වන්නි මෙහෙයුම පරාජය වීමට පෙර කොටි බෝම්බකරුවන් 20 ක් ව්‍යාජ ලියවිලිවලින් ස්විට්සර්ලන්තයට පැමිණි බවයි.

එහෙත් ඔවුන් ගැන පරීක්‍ෂා කිරීම ස්විස් නීතිපතිට බලයක් නැත. ඒ ස්විට්සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසාය. මේ අතර මියගිය කොටි මිනීමරුවන් සැමරීමට ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් දියත්කළ මෙහෙයුම අසාර්ථක විය. අයයින්කුලම් පොලිසිය මහාවිරු සමරුව පැවැත්වීමට සැලසුම් කරන කොටි හිතවාදීන් ගැන මාන්කුලම් අධිකරණය වෙත කරුණු දැක්වීම නිසා තහනම් නියෝගයක් නිකුත් විය. ඒ අනුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා ගජේන්ද්‍රන් තුනුක්කායි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සරගුරුනාදන්, සුජාන්සන්, රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්වූ නීලකාන්තන් තිණ්ඩුසාන් සංකරපිල්ලේ, නාගරත්නම්, තියාපිල්ලේ කරුණාකරන්, තිලකාන්තන් චන්ද්‍රසේකරන්, තංගරාජා නිරන්ජන් ඇතුළු තවත් අටදෙනකුට එරෙහිව එම තහනම් බල පැවැත්වේ. මෙවර උතුරේ කොටි හිතවාදීහු මහාවිරු සතියේදී කාර්තික් හෙවත් කොටි නිලපුෂ්පය සමරන බවද කියාසිටි නමුත් එය බොරුවක් බව හෙළිවිය.

මෙයට සමානව මුලතිව් අධිකරණය ද තහනම් නියෝගයක් ප‍්‍රකාශයට පත්කළේය. එම තහනම කොටි කි‍්‍රයාකාරියකුවූ අරුද්ගේ පියාවූ නායක් තුලාන් හිටපු මන්ත‍්‍රිනී ශාන්ති ශ‍්‍රී ස්කන්ධරාජා සහ මහාදේවන් ආනන්දි නැමැත්තන් වෙත ක‍්‍රියාත්මක විය. මෙලෙස උතුරේ කොටි හිතවාදීන් මියගිය ත‍්‍රස්තවාදීන් සැමරීමට උත්සාහ කරන අවස්ථාවේ උතුරු නැෙඟනහිර රදගුරු සමුළුව ආරම්භ වී නොවැම්බර් 20 දා මියගිය ද්‍රවිඩයන් සැමරීමේ දිනය ලෙස නම්කර තිබුණි. මේ පසුබිම මැද කොටි මිනීමරුවන් සැමරීමට උත්සාහ කළ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී තුරෙයිරාජා රවිකරන් එම්. කේ. සිවාජිලිංගම්, හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී සිවප‍්‍රභාසම් සිවමෝගන් සහ ඉලංකයි තමිල් අරසු කච්චි කි‍්‍රයාකාරියකුවූ පීටර් ඉලන්වෙලියන්ට ද තහනම් නියෝගයක් කි‍්‍රයාත්මක විය. උතුරේ ආරංචි මාර්ග පැවසුවේ මහාවිරු සමරුව පැවැත්වීම සඳහා බි‍්‍රතාන්‍ය කැනඩා සහ යුරෝපා කොටිඩයස්පෝරාව රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් එවා ඇති බවයි.

මේ අයුරින් කොටි ත‍්‍රස්තයන් සැමරීමට එක් ද්‍රවිඩ පාර්ශ්වයක් කටයුතු සැලසුම්කර තිබියදී ද්‍රවිඩ සන්ධානය ශ‍්‍රී ලංකාවේ ෆෙඩරල් පාලනයක් ඇතිකිරීම සඳහා ඇමෙරිකාව සහ කැනඩාවේ සහාය ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

එම මෙහෙයුම සඳහා කනගඊශ්වරන්, චන්ද්‍රහසන් සහ සුමන්තිරන් යන තිදෙනා ඇමෙරිකාවට ගොස් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. මේ සාකච්ඡාවේ අරමුණු වූයේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙත ෆෙඩරල් පාලන යෝජනාවක් ඇතුළු කිරීමයි. පසුගිය යහපාලන රජය ඇමෙරිකාව විසින් කෙටුම්පත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ වී තිබුණි.

ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ද්‍රවිඩ සන්ධාන නීතිවේදීන් තිදෙනා නොවැම්බර් 23 වැනිදා කැනඩාවේ ඔටාවා නුවරදී කැනඩා නිලධාරීන්ද 25 ද ලන්ඩන් නුවරදී බි‍්‍රතාන්‍ය නිලධාරීන්ද හමුවී ෆෙඩරල් පාලනයක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව හෙළිවී ඇත. ද්‍රවිඩ සන්ධානය මේ සාකච්ඡා රහසිගතව පවත්වන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු පොම්පකරුවෙක් පෙට‍්‍රල් ඞීසල් නැහැ යැයි කියමින් ජනතාව උසිගැන්වීමේ යෙදීසිටි අවස්ථාවකය.

එහෙත් උතුරේ ජනතාව ගෑස්, සිමෙන්ති, සීනි, රසායනික පොහොර නැතැයි කියමින් ඝෝෂා නොකරති.

ඒ ද්‍රවිඩ සන්ධානය උතුරේ ජනතාව අමතමින් අපේ නීතිවේදීන් ඇමෙරිකාවට ගොස් රාජ්‍ය නිලධාරීන් හමුවන බව පවසා ඇති නිසාය. සිංහලයන්ට දවස් පහක් යනවිට සියල්ල අමතක වන බව පැවසුවේ ප‍්‍රභාකරන්ය. එය සැබෑවකි. මේ වනවිට මෙරට බහුතරයේ සතුරන් කවුදැයි බහුතරයට අමතක වී ඇත.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානියාවූ සුරේෂ් සැලේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් යස්මින් සුකාට එරෙහිව ගොනුකළ නඩුවට අනුව අධිකරණය ඇයට දෙවැනි වරටත් සිතාසි නිකුත් කර ඇත. සුකා ඇතුළු තිදෙනෙක් මේ නඩුවේ චූදිතයන් වේ. පුදුකුඩිඉරිප්පු රෝහලේ වෛද්‍ය වර්ධරාජා විසින් සැලේ තමාට තර්ජන කර ප‍්‍රකාශයක් ලබාගත් බවට කළ ප‍්‍රකාශය සුකා විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ප‍්‍රචාරයක් කර තිබේ.

වර්ධරාජාගේ ප‍්‍රකාශය නිසා ඇමෙරිකානු රජය ඔහුට දේශපාලන රැකවරණ ලබාදී තිබේ. මේ පසුබිම මැද සුකා මෙරට අධිකරණය ඉදිරියේ පෙනීසිටියිද?

සැලේ විසින් බි‍්‍රතාන්‍යයේ පදිංචි තවත් දෙදෙනකුද නඩුවේ චූදිතයන් ලෙස නම්කර තිබේ.

පසුගිය යහපාලන රජය යස්මින් සුකාට මෙරටට එන ලෙස ඇරයුම් කළත් ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර තිබුණි. මෙවන් තත්ත්වයක් මත යස්මින් සුකා මේ දක්වාම මේජර් ජෙනරාල් සැලේ පැවරූ නඩුවට ප‍්‍රතිචාර දක්වා නැත. ශ‍්‍රී ලංකාවේ අධිකරණය මෙයට පෙරද සුකාට සිතාසි නිකුත් කළත් ඇය වෙනුවෙන් නීතිවේදියකු පෙනී සිටියේ නැත. ඇය මෙයට පෙර විදේශ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ගේ සහයෙන් තමාට මරණ තර්ජන එල්ලවී ඇති බව වාර්තාවක් ප‍්‍රකාශ කළාය.

මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහිව ද්‍රෝහි කි‍්‍රයාදාමවල යෙදුණු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව රජය මෙතෙක් අනුගමනය කළ දැඩි පිළිවෙත පසුගිය සතියේදී එකරවම වෙනස් විය. ඒ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය එකවරම විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමයි. එසේ වුවත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නව කෙටුම්පත අහෝසි නොකිරීමට රජය තීරණයකර ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදෙන ලෙස බලපෑම් කළේ කවුදැයි මෙතෙක් හෙළිවී නැත. එම කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීම ඩොලර් අරමුදල් ලබන කොළඹ එන්. ජී. ඕ කල්ලියේ ජයග‍්‍රහණයකි. එසේම එන්.ජී. ඕ 33 කල්ලියේ මීළඟ අරමුණ වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ නිස ිබලධාරියා ධුරයෙන් ඉවත්කර ගැනීම බව ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිකළේය. රජයට සතුරන් කවුද මිතුරන් කවුද යැයි හඳුනාගැනීමට නොහැකි බව එන්.ජී. ඕ කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමෙන් තහවුරු වේ. වත්මන් ජනපති බලයට ඒම ව්‍යාර්ථ කිරීම සඳහා පසුගිය කාලය තුළ මෙම රාජ්‍ය නොවන සංවිධාන අතිවිශාල මුදලක් වැයකරනු ලැබීය. එහෙත් මේ අතීතය රජයට අමතක වී ඇත.

මේ අතර රහස් පොලිසිය පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැති බව පැවසුවත් අයිසිස් සබඳතාවය තහවුරු කරන සාධක මෙසේය.

මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ ප‍්‍රතිඥාව
මුස්ලිම් කාන්තාවන් 17ක් පුහුණුවී බායන් ප‍්‍රතිඥාවදීම
අයිසිස් ධජය ප‍්‍රදර්ශනය කිරීම සහ එම ධජය සිරියාවේ සිට ගෙනඑනු ලැබුවක් බව වාර්තා වීම.
අයිසිස් අන්තවාදීන් 762 ක් මෙරට සිටින බවට තහවුරුවී තිබියදී මුස්ලිම් කවුන්සිලය අයිසිස් නැතිබවට සාවi ප‍්‍රකාශයක් කිරීම.
ඉන්දීය බුද්ධි අංශය පාස්කු ප්‍රහාරකයන් සොයාගත් අයුරු
මේ පසුබිම මැද පාස්කු ප‍්‍රහාරය සිදුවී වසර 2 ක් ගතවී ඇතත් අත්අඩංගුවේ පසුවන අයිසිස් ක‍්‍රියාකාරීන්ගෙන් ප‍්‍රහාරයේ මහමොළකරුවන් හෙළිවී නැත. පසුගිය 24 වැනිදා මෙරට රහස් පොලිසිය අපකීර්තිමත් තත්ත්වයකට පත්වූ දිනය විය. 2019 නොවැම්බර් 24 වැනිදා රහස් පොලස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා, ජනපති ආරක්‍ෂක ලේකම්, පොලිස්පති පමණක් නොව රජයට හොරෙන් මෙරටින් ස්විට්සර්ලන්තයට පැන ගියේය. ඔහුට ස්විට්සර්ලන්තය තුළ දේශපාලන රැකවරණ ලබාදීමට රාජ්‍ය නොවන සංවිධාන දේශපාලකයන් සහ ස්විස් තානාපති නිලධාරිනියන් දෙදෙනෙක්ද සහාය විය. 2019 නොවැම්බර් 24 වැනිදා මෙරටින් පැනගිය නිශාන්ත සිල්වා ආපසු මෙරටට එවන ලෙස ශ‍්‍රී ලංකා රජය ඉල්ලීමක් කළත් ස්විස් රජය ඊට එකඟවූයේ නැත. මේ රහස් පොලිස් නිලධාරියා මෙරටින් පැනගොස් පසුගිය 24 වැනිදාට අවුරුදු 2 ක් සම්පූර්ණ විය. මොහු මෙරටින් පැනගියේ හිස් අතින් නොවේ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන්ට එරෙහි නඩු ගොනු සහ බී වාර්තාද රැගෙනය. අද එම වාර්තා ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි. එහෙත් රජය නිශාන්ත සිල්වා සම්බන්ධව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. නිශාන්ත සිල්වා සහ ඔහුගේ පවුලේ අය එදින දහවල් 12.50 ට පියාසර අංක ඩබ්ලිව්. කේ. 0065 ගුවන් යානාවෙන් සූරිච් නුවර බලායද්දී කටුනායක ගුවන් තොටුපළේ රහස් පොලිස් ඒකකය බලාසිටියේය. එසේම ස්විට්සර්ලන්තයට යෑමට පැමිණෙන මගීන්ගේ වීසා බලපත් විශේෂ කණ්ණාඩියකින් පරීක්‍ෂා කරන නිලධාරියා ද ඔහු ස්විස් යන්නේ කුමකටදැයි විමසා නැත. මොහු පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසරයද ගෙන නැතැයි හෙළිවිය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමක් මේ මස අවසානයේදී මධ්‍යම අපි‍්‍රකානු ජනරජය වෙත යෑමට නියමිතය. මධ්‍යම අපි‍්‍රකානු ජනරජය යනු භයානක රටකි. රටවල් රැසක් මෙම රාජ්‍ය වෙත සිය භටයන් යැවීමෙන් වැළකී ඇතත් ශ‍්‍රී ලංකාව ඊට ඉදිරිපත් වී ඇත. සාම සාධක බළකාය සඳහා ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධ කරගැනීමෙන් වළකින ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ සාම බළකා ප‍්‍රධානීන් වෙතින් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ඉටුවී නැත. මෙයට පෙර ශ‍්‍රී ලංකා සාම සාධක භටයන් නිරීක්‍ෂණයට ලක්කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු ප‍්‍රධානි දීපිකා උඩගම නැමැත්තිය ක‍්‍රියා කළාය. මේ අතර වන්නි මෙහෙයුම සමයේ නොසිටි සිවිල් කි‍්‍රයාකාරියෙක් යැයි හඳුන්වාගත් පුද්ගලයෙක් රියර් අද්මිරාල් සරත් වීරසේකර පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු බව ප‍්‍රකාශ කර ඇත. මේ සිවිල් සමාජ කි‍්‍රයාකාරියා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ සිවිල් සමාජය නැඟිටලා ඉවර බවයි. මින් තහවුරුවන්නේ පාස්කු ප‍්‍රහාර සමයේ නොසිටි හඳුනන්නේවත් නැති පාර්ශ්ව එන්.ජී. ඕ කි‍්‍රයාකාරීන් ලෙස මතුවීමයි.

එදා ප‍්‍රභාකරන් සමූල ඝාතන සිදුකරද්දී මෙවැන්නන් සිටියේ කොහේද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. මේ අතර වසර 37 ක් ගෙවෙන කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනය නොවැම්බර් 30 වැනිදාට යෙදී ඇත. මුලතිව්හි පිහිටි කෙන්ට් සහ ඩොලර් ෆාම් ගොවිපළවල්වලට කඩා වැදුණු කොටි ත‍්‍රස්තයෝ සිවිල් වැසියන් ළමුන් සහ කාන්තාවන් 82 ක් වෙඩි තබා කපාකොටා ඝාතනය කළහ. 1984 වසරේ නොවැම්බර් 30 දා සිදුවූ මේ බිහිසුණු ඝාතනය ආණ්ඩුපක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ට අමතකවී ඇත. මෙය යුද අපරාධයක් වුවත් එය සිදුකළ කොටි මිනීමරුවන් ගැන විමර්ශනය සිදුවූයේ නැත. ඝාතනයට ලක්වූවන් අතර ළමුන් 23 ක් සහ කාන්තාවන් 31 ක්ද වේ. මේ අමානුෂික ඝාතනය ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ගෙනයෑමට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෝ සිවිල් කි‍්‍රයාකාරීන් ලෙස හිටිහැටියේ බිහිවුවත් මෑතකදීවත් කි‍්‍රයාකළේ නැත. මේ පසුබිම මැද කැනඩාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන රැස්වීමට කොටි හිතවාදීහු තර්ජන එල්ල කළහ. මේ නිසා කැනඩා පොලිසිය කැඳවා තිබේ.

ඉන්දීය බුද්ධි අංශය පාස්කු ප්‍රහාරකයන් සොයාගත් අයුරු
මෙම තර්ජනය එල්ල කර ඇත්තේ මර්කාහම් කොටි කල්ලියයි. මර්කාහම් ප‍්‍රදේශයේ කොටි මහවිරුවන් යැයි කියන ත‍්‍රස්තවාදීන් සැමරීමට ස්මාරකයක් ද ඉදිකර ඇත. මේ අතර කොළඔ ස්විස් තානාපතිවරයා යාපනයට හෙලිකොප්ටරයකින් ගොස් කතෝලික ආගමික නායකවරුන් හමුවී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇත.
kirthi warnakulasuriya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More