පුරවැසි කොලම

මොළ හතේ ඥාන කතා ඉවරයි,

December 7, 2021 7:47 pm | Lanka Lead News

රටේ රාළ දිගටම කිව්වේ 2022 අවුරුද්දට අපි යන්නේ දැවැන්ත දේශපාලන අර්බුදයක් අතේ තියාගෙන කියලා.රටේ රාළ කිව්වා 2022 අවුරුද්දේ ජනතා නැගිටීමක් වෙනවා කියලත් හරිද.ඒක දැන් තව තවත් තහවුරුයි.පොර ටෝක් දුන්න රාජපක්ෂලාටත් ඒ ඇත්ත පිලිගන්න වෙලා.පිලිගන්න විතරක් නෙවෙයි රාජපක්ෂලාට ඒක ඉස්සරහා දණ ගහන්න වෙනවා.දැන් ඒකට ටික ටික දණිස් නැමෙන්න පටන් අරන්.

ඇත්තටම රටේ රාළ කියන්නේ දැන් නම් රාජපක්ෂලාට ගොඩ යෑමක් නෑ.තියෙන,තිබුණු හැම පාරම වරද්දගෙන.ඇත්තටම පාර වරද්ද ගත්ත තැනට ගිහින්ම කතාව පටන් ගම්මු.මේ ක්‍රමයට බෑ කියන එක වෙනම ප්‍රශ්නයක්.ඒ තර්කයකට යටත්ව තමයි රටේ රාළ මේ ඔක්කොම තර්ක ගොඩනගන්නේ.රාජපක්ෂලා මෙච්චර ඉක්මනට වරද්ද ගනී කියලා 69 ලක්ෂයේ නං කවුරුත් හිතන්න නැතිව ඇති. ඇත්තටම රාජපක්ෂලා වරද්දා ගැනීමේ හරවුම් ලක්ෂ කොතනද?රටේ රාළ කියන්නේ බැසිල් මුදල් ඇතිවීම තමයි තැන.පුද්ගලයෙක් විදිහට බැසිල් මුදල් ඇමති වීම නෙවෙයි බැසිල් ඇවිත් ආදේශ කරපු වැරදි ප්‍රතිපත්ති නිසයි රාජපක්ෂලට මෙහෙම උනේ.එතකොට ඔයාලා හිතයි එතකන් තිබුණ ප්‍රතිපත්තිය හරිද කියලා.නෑ ඒකත් වැරදී.හැබැයි එතන එකක් තිබුණා.අපට හදිස්සියට ණයවත් ගන්න තැනක් තිබුණා.බැසිල් ඇවිත් ගහපු වංගුවෙන් දැන් ඒකත් නෑ.

පහුගිය දවසක බැසිල් ඉන්දියාවේ සංචාරය කළා.පට්ට අසාර්ථක සංචාරයක්.බැසිල් නං එහෙම කියන එකක් නෑ.ඒත් ඒක රටේ දේශපාලනය දේහයට දැනෙනවා.ඒ හරහා වෙන දේශපාලන චලන තමයි ඔය පේන්නේ. ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ.රටේ රාළ කියන්නේ බැසිල් අනුගමනයට කරපු ඇමරිකන්,ඉන්දියන් ගැති පිලිවෙතට චීනය ගේම දෙන හැටි තමයි මේ දිග හැරෙන්නේ. බැසිල් මුදල් ඇමති උන ගමන් බැසිල් බටහිර පැත්තට දොර ඇරලා චීන දොර අඩවල් කළා. හැබැයි එතකොට චීනය මහින්දත් එක්ක ගොඩක් දුර ඇවිත්.ඒ දවස්වල බැසිල් මුදල් ඇමති වෙනවාට චීනය නොසතුටෙන් හිටියා කියලා අපි දන්නවා.මොකද චීනය දැනගෙන හිටියා බැසිල් කවුද කියලා.බැසිල්ගේ මොළ හතම චීනය ස්කෑන් කරගෙන තිබුණේ. ඇත්තටම බැසිල් ඇමරිකන් පුරවැසියෙක් විදිහට ඒයා ඇමරිකානු උපායමාර්ගය වෙනුවෙන් දිව්රුම් දීපු කෙනෙක්.

විමල් වගේ බැසිල් CIA කාරයෙක් කියන්න රටේ රාළ ඉක්මන් වෙන්නේ නෑ.හැබැයි බැසිල් ඇමරිකන් කාරයෙක්.ඒක චීනයට හොදටම ඇති.බැසිල් කළේ ක්‍රමයෙන් චීන ව්යාපෘති වලට දොර වහන ගමන් ඇමරිකානු – ඉන්දියානු ව්යාපෘතිවලට දොර ඇරීම.රටේ රාළ කියන්නේ ඒකට ගෝඨාභයගේ ආශීර්වාදය හම්බ උනා කියලා.සමහරවිට චීනෙන් මේ තරම් වෙගයෙන් අයින් වෙන එක අවුලක් කියලා මහින්දට දැනෙන්න ඇති.ඊළඟට බැසිල් කොච්චර ඇමරිකන් කාරයා උනත් බැසිල් ඇමරිකාව ගැන දන්නේ නෑ.ඉන්දියාව ගැන දන්නෙත් නෑ.ඒකත් හරියට බැසිල්ගේ ඉංග්‍රීසි වගේ තමයි.ඇමරිකාව තමන්ගේ අධිරාජ්‍යවාදී උපායමාර්ගය බැසිල් නිසා අතාරින්නේ නෑ. බැසිල් කියන්නේ ඇමරිකව පැත්තෙන් බලද්දී ඉත්තෙක් විතරයි.ඇමරිකාව ඒ ඉත්තා පාවිච්චි කර ගන්නවා.

ඇමරිකාව මොනවද තමන්ගේ උපායමාර්ගය වෙනුවෙන් පාවිච්චි නොකළේ.දුප්පත්කම, මානව හිමිකම්,අන්තවාදය,ජාතිවාදය….ඔය ඔක්කොම පාවිචිචි කළා.ඉන්දියාවත් එහෙම. ඉන්දියාව ලංකාව සම්බන්ධව තියෙන ප්‍රතිපත්තිය බැසිල් නිසා අතහරීද?ඒ රටවල් එක්ක නෑදෑකම් හදා ගත්තා කියලා එයාලගේ උපායමාර්ගික වැඩපිළිවෙළ වෙනස් කරන්න බැසිල්ට බෑ.බැසිල්ගේ මේ පැමිණීම චීනය කියවගත්ත විදිහ හරියට හරි.බැසිල් හරහා මේ එන්නේ ඇමරිකානු – ඉන්දියා ඒකාබද්ධ මෙහෙයුම කියලා චීනය දන්නවා.දැන් චීනා ඒකට ගහන්න පටන් අරන්.හැබැයි චීනා ගහන්නේ අමුතු විදිහට.චීනාගේ ගැහිල්ල ගොඩක් දුරට මෛත්‍රීගේ ගැහිල්ලට සමානයි.ඒ කියන්නේ ගැහුව විදිහ හිතා ගන්න බැරි වෙන්න ගහන්නේ.වැඩේ කෙල උනාට පස්සේ තමයි දැනෙන්නේ ගහලා කියලා.

දැන් චීනය වේගයෙන් අපෙන් ඈත් වෙමින් ඉන්නවා.ඒක ව්යාපෘතිවලින් විතරක් නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රිකවත් සිද්ධ වෙන දෙයක්.පහුගිය දවසක චීනය උතුරේ ක්‍රියාත්මක ව්යාපෘති තුනක් අකුල ගත්තා.එයාලා ඒවා මාලදිවයිනට අරන් ගිහින්.චීනය ඒ ගැන කරලා තිබුණ පැහැදිලි කිරීමේ තිබුණේ තුන්වන පාර්ශවයක් මැදිහත්වීම ගැන ඇතිවන සැකය නිසා ඒවා ඉවත් කර ගන්නවා කියලා.ඇත්තටම කවුද මේ තුන්වන පාර්ශවය.බැලූ බැල්මට පේන්නේ ඉන්දියාව කියලා.එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි චීන පෝර නැවට සාපේක්ෂව හිතුවොත් චීනය මේ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික කොමිස් කාක්කන් ගැන වෙන්නත් පුළුවන්. කොහොම හරි කාටහරි හිතෙන්න පුළුවන් චීනය ඉන්දියාවට බයේ යනවා කියලා. ඇත්තටම එහෙම මතයක් හදලා තියනවා. හැබැයි රටේ රාළ හිතන්නේ චීනයට සාපේක්ෂව ඉන්දියාව ඔය හිතන තරම් පොරක් නෙවෙයි.ගොඩක් වෙලාවට ඒක පුම්බපු මතයක්.ඇමරිකාව පුම්බපු මතයක්.

චීනය කියන්නේ සංවිධානාත්මකව මෙහෙයවෙන රටක්.ඉන්දියාව ඊට හාත්පසින්ම වෙනස්.ඒක නිසා රටේ රාළ කියන්නේ ඉන්දියාවට චීනා එක්ක හැරෙන්නවත් බෑ.ලෝකයේ ආර්ථික මර්මස්ථාන චීනය අල්ලලා.ලෝක වෙලදපොලේ වැඩි පංගුව චීනා අල්ලලා. ලෝකයේ key Point ටික තියෙන්නේ චිනා අතේ. අප්‍රිකානු මහද්වීපයේ ව්‍යාපෘතිවල ලොකු පංගුවක් චීනා අත්පත් කරගෙන.ඇමරිකව හා යුරෝපයේ වෙලද පොල චීනා අල්ලලා තියෙන්නේ.චීනය තමයි ආසියාවේ බලවතා. චීනයේ ඊළඟ ඊළඟ ඉලක්ක ලෝක බලවතා වීම.චීනය ඉන්නේ ඒ ගෝල් එක පෙනෙන නොපෙනෙන මානයේ.ඉතින් ඒ චීනයත් එකක් තමයි අපේ කථානායකයා හැපෙන්නේ.නෑත්තං අපේ මොළ හතේ විද්වතා හැපෙන්නේ.පහුගිය දවසක ලොක්කා ඉන්දියාවේ ගියේ ණය ඉල්ලන්න.මෝදිත් හම්බ වෙලා ඇවිත් පොර ටෝක් එකක් අපට දෙන්න.කෝ… ඉන්දියාව ශත පහකට ගණන් අරන් නෑ.අර කතාවක් තියෙන්නේ ණයත් නෑ බයත් නෑ කියලා.හැබැයි මෙතන උනේ ඒකේ අනිත් පැත්ත.ණයත් නෑ බය විතරයි.

ඉන්දියාව පිනට ණය දෙන්න දැන් ලෑස්ති නෑ. අත්පිට ගනුදෙනුවලට තමයි කැමති.මොකද ඉන්දියාවත් දැන් රාජපක්ෂලා ගැන දන්නවා. රාජපක්ෂලා ඉන්දියාව රැවටුවා.හැබැයි ඉන්දියාව ඒකට අහුවුණේ එක පාරයි දෙපාරයි. ඉන්දියාව අර 69 ලක්ෂය තරම් මෝඩ නෑ.ණය ඕනි නං තෙල් ටැංකි ටික ඕනි කියන තැනට දැන් ඉන්දියාව ඇවිත්.අර ගම්මන්පිල කියන 1987 ඉන්දියාවට දුන්නා කියන තෙල් ටැංකි ටික ඉන්දියාව ආය ඉල්ලනවා.දැන් චීනය පැත්තට හැරෙන්නත් බෑ.චීනයත් අපිව අතෑරලා.ඔන්න දැන් රාජපක්ෂලාට බඩ බුරුල් වෙලා.ඇත්තටම චීනය අපට නොනිල වශයෙන් ආර්ථික සම්භාධක දාලා.අපේ බැංකුවක් චීනය ඇතුළේ Black list කළා.අපිට ලගදීම චීනය ගල් අගුරු නැති කරනවා.තව ගොඩක් දේවල් වෙයි.චීනය තමයි ලෝකයේ ආර්ථික බලවතා.චීනය දෙන ගැරන්ටියක් නොසලකා ඉන්න කිසිම සමාගමකට බෑ.දැන් චීනය ලෝකය ඉස්සරහා අපිව රෑන්ක් කරලා ඉවරයි.

දූෂිත පාලකයන් ඉන්න,ගිවිසුම් මැද්දට තුන්වන පාර්ශවයන් කඩා පනින, ගනුදෙනුවලට හොද නැති රටක් විදිහට Brand කරලා ඉවරයි.දැන් ඉතින් චීනෙනුත් නෑ ඇමරිකාවෙනුත් නෑ,ඉන්දියාවෙනුත් නෑ.හැබයි රටේ රාළ එකක් කියන්නම්.චීනය ආපහු එනවා.එන්නේ රටේ රාළ කියන ජනතා නැගිටීමෙන් පස්සේ.ඇත්තටම චිනයටත් දැන් ඒ ජනතා නැගිටීම ඕනි.චීනයට දැන් රාජපක්ෂලා එලවන්න ඕනි.රටේ රාළගේ කියවීම ඒක.කවුරු හරි හිතයි එතකොට මේ ජනතා නැගිටීම පිටිපස්සේ චීනය ඉන්නවද කියලා.නෑ පැහැදිලිවම නෑ.ඒත් චීනය අරගෙන තියන මේ ක්‍රියාමාර්ග ඒ නැගිටීමට උත්තේජනයක්.හැබැයි චීනය ඒක නම් දන්නවා.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.

මීට
රටේ රාළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More