මේ වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා (16 දා) නිකුත් කළේය. ආර්ථික වර්ධනය ලෙස ගණනය කරනුයේ මේ දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවැඩි වීමයි. ඒ අනුව මේ වසරේ (2021) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.5 කින් පසුබෑමට ලක්ව ඇත. එනම් තුන්වන කාර්තුවේදී ආර්ථික වර්ධනය ඍණ වී තිබේ. ගිය වර්ෂයේ (2020) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.3 ක් විය. මේ අනුව මේ වර්ෂයේ (2021) තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,497,489 දක්වා අඩු වී ඇති අතර ගිය වර්ෂයේ (2020) දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,536,490 ක් ලෙස වාර්තා විය. මෙසේ ගිය වසරේ තුන්වන කාර්තුවේ රටේ නිෂ්පාදිතයට වඩා මේ වසරේ තුන්වන කාර්තුවේ නිෂ්පාදිතය අඩු වීම නිසා මෙසේ ආර්ථික වර්ධනය ඍණ වී තිබේ. මේ පසුබිම තුළ මේ වසරේ (2021) තුන්වන කාර්තුවේ සහ පළමු මාස නමයේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු.
ආර්ථිකයේ ප‍්‍රධාන අංශ
ආර්ථිකයේ ප‍්‍රධාන අංශය තුන වන්නේ කෘෂිකර්ම අංශය කර්මාන්ත අංශය සහ සේවා අංශයයි. මේ අනුව කර්මාන්ත සහ සේවා අංශයන් ද තුන්වන කාර්තුවේ දී ඍණ වර්ධනයන් වාර්තා කර ඇත. මේ අනුව කර්මාන්ත අංශය සියයට 2.1 කින් සහ සේවා අංශය සියයට 1.6 කින්ද ඍණ වර්ධනයන් වාර්තා කරමින් පසුබෑමට ලක්ව ඇත. ගිය වසරේදී තුන්වන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 0.6 ක සහ සේවා අංශය සියයට 2.1 ක ධන වර්ධනයක් වාර්තා කළේය. මේ වසරේ තුන්වන කාර්තුවේ දී කෘෂි අංශය පමණක් සුළු ධන වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව ගිය වසරේ (2020) තුන්වැනි කාර්තුවේ දී සියයට 3.1 ක් වූ කෘෂිකාර්මික අංශයේ වර්ධනය මේ වසරේ (2021) තුන්වැනි කාර්තුවේ දී සියයට 1.7 දක්වා අඩු වී ඇත. සංචරණ සීමා පැවතිය දී ද රජය විසින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට ඉඩ දීම මෙසේ කෘෂි අංශයේ වර්ධනය ධනාත්මක වීමට බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වේ.
2020 වර්ෂයේ පසුබෑම
තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වුණේ ඇයි?
කොවිඞ් වසංගතය පසුගිය කාලය තුළදී ශ‍්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් ඇති කළේය. එසේම තවමත් බලපෑම් ඇති කරමින් ද තිබේ. ඒ අනුව 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය 2019 වර්ෂයට සාපේක්ෂව සියයට 3.6ක පසුබෑමක් වාර්තා කර තිබුණි. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා විශේෂයෙන්ම ගිය වසරේ (2020) දෙවන කාර්තුවේ දී ආර්ථිකය සියයට 16.4 ක ඍණ වර්ධනයක් වාර්තා කළේය. එසේම 2020 පළමු කාර්තුව ද සියයට 1.8 ක ඍණ වර්ධනයක් වාර්තා කර තිබුණි. 2020 තුන්වන සහ සිව්වන කාර්තු දෙකේ දී සියයට 1.3 ක සුළු ධන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව විය. මේ කාර්තුමය ආර්ථික වර්ධනයන් හේතුවෙන් 2020 සමස්ත ආර්ථික වර්ධනය මෙසේ සියයට 3.6 ක ඍණ වර්ධනයක් වාර්තා කරමින් නිදහසින් පසු ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා කළේය. කොවිඞ් වසංගත තත්ත්වය නිසා අපේ ආර්ථිකය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් පසුබෑමට ලක් වෙමින් 2020 වසරේ දී ලෝක ආර්ථිකය ද සියයට 3.1 කින් පසුබෑමට ලක් විය.
2021 පළමු මාස 9 ආර්ථික ක‍්‍රියාකාරිත්වය
මේ වන විට මේ වසරේ (2021) කාර්තු තුනක ආර්ථික වර්ධන දත්ත නිකුත්ව තිබේ. ඒ නිසා 2021 වර්ෂයේ මුල් මාස නවය එනම් ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ විචලනය ද අපට මෙහිදී සාකච්ජා කළ හැකිය. 2019 මුල් මාස නවයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2020 වර්ෂයේ මුල් මාස නවයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.4කින් පහළ ගොස් තිබුණි. කෙසේ නමුත් 2020 වර්ෂයේ මුල් මාස නවයට සාපේක්ෂව 2021 වර්ෂයේ මුල් මාස නවය තුළදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වී ඇත.
කාර්තුමය ආර්ථික ක‍්‍රියාකාරිත්වය
2021 වර්ෂයේ පළමු කාර්තුව තුළදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.3ක ධන වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ 2020 වර්ෂයේ පළමු කාර්තුව තුළදී වාර්තා කළ සියයට 1.8 ක පසුබෑමට සාපේක්ෂවය. මෙම කාර්තුව තුළ සංචරණ සීමා ක‍්‍රියාත්මක නොවුණ බැවින් ආර්ථික කටයුතු බොහෝ දුරට සාමාන්‍ය පරිදි සිදුකළ හැකි විය. එනම් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද ජන ජීවිතය සහ රටේ ආර්ථික කටයුතු නව සාමාන්‍යකරණය යටතේ ක‍්‍රියාත්මක වීම තුළින් මෙරට ආර්ථික කටයුතුවල සතුටුදායක මට්ටමක් පවත්වාගත හැකිවිය. එහෙත් පසුගිය අපේ‍්‍රල් මස අවසාන භාගයේදී කොවිඞ් වසංගතයේ තෙවන රැල්ල ආරම්භ වී එය රට පුරා ව්‍යාප්ත විය. එම වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා මැයි මස 21 වනදා සිට මසක කාලයක් මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීමට ද සිදු විය. එහෙත් එම සංචරණ සීමා ගිය වසරේ දෙවන කාර්තුවේ ක‍්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය තරම් දැඩි නොවීය. සංචරණ සීමා ක‍්‍රියාත්මක වූ මෙම කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව බොහෝ ආර්ථික කටයුතු ක‍්‍රියාත්මක විය. මේ අනුව මේ වසරේ (2021) දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 2020 වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව (එම ඉහළ ඍණ ආර්ථික වර්ධනයේ පදනම් බලපෑම ද හේතුවෙන්) සියයට 12.3ක ඉහළ වර්ධනයක් වාර්තා කළේය. කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන සියලූ අංශවල ඉහළ වර්ධනයක් මෙම කාර්තුව තුළදී වාර්තා විය. 2021 වර්ෂයේ තෙවන කාර්තුව තුළදී නැවත කොවිඞ් වසංගත තත්ත්වය හිස එසවීම නිසා සියයට 1.5 කින් ආර්ථික කටයුතු පසුබෑමට ලක්ව ඇත.
ආර්ථික පසුබෑමට හේතුව
තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වුණේ ඇයි?
මේ වසරේ තෙවන කාර්තුවේ දී නැවත කොවිඞ් වසංගතයේ සිදුවූ සීග‍්‍ර ව්‍යාප්තිය රටේ ආර්ථික කටයුතුවලට අහිතකර ලෙස බලපෑම තුන්වන කාර්තුවේ ආර්ථිකය සියයට 1.5 කින් ඍණ වීමට මූලික හේතුවයි. කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා අගෝස්තු 20 දින සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන ලදී. එම නිරෝධායන ඇඳිරි නීතිය වරින්වර දීර්ඝ කරමින් සැප්තැම්බර් මස අවසානය දක්වා දින 41ක කාලයක් ක‍්‍රියාත්මක වී රට විවෘත වූයේ ඔක්තෝබර 01 වැනිදාය. මෙහිදී තව දෙයක් කිව යුතුව තිබේ. එනම් සෞඛ්‍ය අංශ විසින් ප‍්‍රකාශ කළ පරිසි නිසි වෙලාවේ අප‍්‍රමාදව රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා වසංගතය රට පුරා පැතිර ගිය අතර මරණ ගණන ද ඉහළ ගියේය. ප‍්‍රමාද වී නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා රට වසා දැමීමට සිදු වූ දින ගණන ද ඉහළ ගියේය. ඒ නිසා වසංගත තත්ත්වයට අමතරව මේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය පසුබෑමට රජයේ ද වගකීමක් තිබේ. මේ ගැන ඒ අවස්ථාවේ මේ ලියුම්කරු ද ප‍්‍රකාශ කළ අතර දැන් තුන්වන කාර්තුවේ ආර්ථික ප‍්‍රතිඵල මගින් ඒ බව වඩාත් තහවුරු වේ. ඒ නිසා කොරෝනා වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීමට නිසි වෙලාවේ නිසි තීරණ නොගැනීම සහ තීන්දු ගැනීමට ප‍්‍රමාද වීම රටේ ආර්ථික කටයුතුවලට වඩා වැඩි අහිතකර බලපෑමක් සිදු වීමට හේතු වී ඇත. මේ කාලය තුළදී දින 41 ක් රට වසා තැබීම හේතුවෙන් ප‍්‍රවාහනය, පෞද්ගලික සේවා, නවාතැන් පහසුකම් හා ආහාරපාන සැපයීම වැනි සේවා අංශ අඩාල වූ අතර නිෂ්පාදන කර්මාන්ත හා ඉදිකිරීම් කටයුතුවලද පසුබැසීමක් සිදුවිය. රට තුළ පැවති විදේශ විනිමය ගැටලූ හා ආනයන සීමා කිරීම මගින් යෙදවුම් මිල ඉහළ යෑමද සහ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට සිදු වූ ප‍්‍රමාදයන් ද ආර්ථික ක‍්‍රියාකාරකම් පසුගාමීවීමට හේතු විය. මෙහි සමස්ත ප‍්‍රතිඵලයක් ලෙස 2021 තෙවන කාර්තුවේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සියයට 1.5ක පසුබෑමක් සිදු විය.
කෘෂිකාර්මික කටයුතු
මේ වසරේ තුන්වන කාර්තුවේ සියයට 1.7 ක කෘෂිකාර්මික අංශයේ සුළු වර්ධනයට විශේෂයෙන් ධාන්‍ය වගා කිරීම (සියයට 38), පැළ බෝ කිරීම හා කෘෂිකාර්මික සහාය සේවා කටයුතු (සියයට 13.6), සත්ත්ව නිෂ්පාදනය (සියයට 8.9), පොල් ඇතුළත් තෙල් සහිත පලතුරු බෝග වගාව (සියයත 8.8) වන වගා සහ දැව (සියයට 7.9), පලතුරු වගා කිරීම (සියයට 6.4), කුළු බදු වගා කිරීම සියයට 3.6 සහ තේ වගා කිරීම (සියයට 2.8) යන අංශවල වර්ධනයන් දායක වී ඇත. එසේම මේ කාර්තුවේ දී කරදිය ධීවර කටයුතු (සියයට 10), එළවළු වගා කිරීම (සියයට 9.8), රබර් වගා කිරීම (සියයට 8.1) සහ මිරිදිය ධීවර කටයුතු (සියයට 5.2) සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව තිබේ. එසේම වී වගා කිරීම සියයට 1.0 ක සුළු පසුබෑමක් වාර්තා කර තිබේ.
කර්මාන්ත අංශය
මේ වසරේ (2021) තෙවන කාර්තුවේ කර්මාන්ත අංශයේ සියයට 2.1 ක පසුබෑම සඳහා නිෂ්පාදන කර්මාන්ත කටයුතු කීපයක මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ හා පතල් හා කැණීම් කටයුතුවල සිදු වූ පසුබෑම් ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ. සමස්ත කර්මාන්ත අංශය සඳහා සියයට 6.7 ක දායකත්වයක් සපයන ඉදිකිරීම් කර්මාන්තයේ සිදු වූ සියයට 6.0 ක සැලකිය යුතු පසුබෑමත් සමග පතල් හා කැණීම් කර්මාන්තය ද මේ කාර්තුවේ දී සියයට 6.9 ක ඍණ වර්ධනයක් වාර්තා කර ඇත.
සේවා අංශය
සේවා අංශය ද තෙවන කාර්තුවේ දී සියයට 1.6 කින් පසුබෑමට ලක්ව ඇති අතර මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 9.5 බැගින් සම දායකත්වයක් දක්වන ප‍්‍රවාහන හා අනෙකුත් පෞද්ගලික සේවා’ යන ආර්ථික කටයුතුවල සිදුවූ පසුබැසීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 14.9 කින් හා සියයට 5.7 කින් තෙවන කාර්තුවේ දී පහත වැටී ඇත. කොවිඞ් වසංගතය නිසා පැනවූ දිගුකාලීන නිරෝධායන ඇඳිරි නීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම ආර්ථික කටයුතුවල සිදුවූ පසුබෑම සඳහා බොහෝ දුරට බලපා ඇත. එසේම මේ කාර්තුවේ දී නවාතැන් හා ආහාර පාන සැපයීම සියයට 19.9 කින් ද පසුබෑමට ලක්ව ඇත. මෙලෙස අපට මේ වසරේ තෙවන කාර්තුවේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ගැන සඳහන් කළ හැකිය. මේ වසරේ මුල් කාර්තු තුනේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 4.4 කි. එසේම මහ බැංකුව පසුගිය වාර්තාවලින් පැවසුවේ මේ වසරේ (2021) සමස්ත ආර්ථික වර්ධනය සියයට 5 ක් වනු ඇති බවයි. එහෙත් මේ ආර්ථික පසුබැසීම් සමග එම වර්ධනය ලබා ගැනීම අභියෝගාත්මක බව පෙනේ. පොහොර ප‍්‍රශ්නය නිසා ද කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවක් වනු ඇති බවට බොහෝ කෘෂි විශේෂඥයින් අනතුරු අගවා තිබේ. එසේම දිගින් දිගටම පවතින විදේශ විනිමය අර්බුදය නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සහ ඒවා වරායෙන් නිදහස් කර ගැනීමේ ගැටලූ ද තවමත් බරපතළ ලෙස තිබේ. මේ තත්ත්වය ද රටේ කර්මාන්තවල නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපානු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...