දේශීය පුවත්

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ, මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.

ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

සිංහරාජයේ වෙසෙන මෙම අලින් දෙදෙනා හොරොව්පතාන ප‍්‍රදේශයට ගෙන යෑමට වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ කරන ලද්දේ වනජීවි අමාත්‍යවරයාගේ තීරණයක් අනුව බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More