කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (14) මහනුවරදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළේය.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව මේ වන විට අනාවරණය වී ඇති බවය.
මීට වසරකට පමණ පෙර මහසෙන් දේවාලයේ කපුවා ලෙස සේවය කළ පුද්ගලයා සහ ඔහුගේ සහාකයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අණාවරනය වී තිබේ.2014 වසරේ දී කොබවක ධම්මින්ද හිමියන් කිරිවෙහෙර විහාරාධිපති තනතුරට පත් වූ පසු කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් අදාළ කපුමහතා ගැටලුවක් ඇති කරගෙන තිබුණි.අදාළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවශ්‍යතාවයක් පැනනැගුන හොත් ඒ සඳහාද කිසිඳු ගැටලුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...