පුරවැසි කොලම

මෙම අර්බුදය ආරම්භයේ සිටම විවිධ මට්ටම්වල නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විශේෂයෙන්ම පොලීසියේ යම් වගකිවයුතු අංශ සහ නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව මහජන විරෝධය එල්ල විය. නමුත් සෞඛ්‍ය අංශවල යම් නිලධාරීන් විශේෂයෙන්ම කුරුණෑගල රෝහල් බලධාරීන් ඍජුව සහ විනිවිදභාවයෙන් යුතුව නිසි පියවර ගැනීම නිසා සෞඛ්‍ය බලධාරීන්ට එවැනි චෝදනා එල්ල වූයේ නැත.

එසේ වුවත් සමස්ථ ක්‍රියාවලිය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන යම් සැඟවුණ හස්තයන් විසින් මෙම සිද්ධියට අදාළ පරිපාලන ක්‍රියාවලිය තුළ විකෘතියක් සිදුකරන බවය. සෞඛ්‍ය ලේකම්වරයා විසින් වගකීම් විරහිත ලෙස ශිර්ෂ යොදා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත යොමුකළ ලිපිය එම තත්වයේ පිළිබිඹුවක් ලෙස සැළකිය හැක.

ගරු සෞඛ්‍ය අමාත්‍ය,
කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ගරු රාජ්‍ය අමාත්‍ය
මහාචර්ය චන්න ජයසුමන මහතා

ගරු අමාත්‍යවරුනි,

වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම සහ අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ හිඟ වැටුප් ගෙවීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත යොමුකළ 2021’12’6 දින දරණ ලිපිය මගින් පැන නැගී ඇති අර්බුදය

විවිධ ආකාරයට එළිදරව්වී ඇති සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සන සහිත උක්ත ලිපිය මගින් මේ වන විට මතුපිටින් බරපතළ ලෙස නොපෙනුනද ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කළ පොදු ජනතාව අතර බරපතළ සැක සංකා මෙන්ම විරෝධතා මතු වී ඇති බව බිම් මට්ටමේ ක්‍රියාත්මක වන සංවිධානයක් ලෙස අප විසින් නිරීක්ෂණය කර ඇත. ඒ තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කීර්තිනාමයට පමණක් නොව සමස්තයක් ලෙස ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසයට ද අගතියක් සිදුවේ. ඒ අනුව ආණ්ඩුව ආගමික අන්තවාදී බලවේගවල බලපෑම්වලට යටත්වනවාද යන සැකය මතු කිරීමට විවිධ බලවේගවලට අවස්ථාව ලැබී ඇත. විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් ප්‍රමුඛතාවය මත ක්‍රියාත්මක කළ යුතු බවට 2021.02.18 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඉතා ප්‍රතිඵලදායක යෝජනා 57ක් මාස 9ක කාලයක් ගතවීමෙන් පසුවද ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම මගින් පෙන්වන තත්වය තුළ එවැනි සැක සංකා තවදුරටත් වර්ධනය වේ.

1. මෙම අර්බුදය ආරම්භයේ සිටම විවිධ මට්ටම්වල නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විශේෂයෙන්ම පොලීසියේ යම් වගකිවයුතු අංශ සහ නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව මහජන විරෝධය එල්ල විය. නමුත් සෞඛ්‍ය අංශවල යම් නිලධාරීන් විශේෂයෙන්ම කුරුණෑගල රෝහල් බලධාරීන් ඍජුව සහ විනිවිදභාවයෙන් යුතුව නිසි පියවර ගැනීම නිසා සෞඛ්‍ය බලධාරීන්ට එවැනි චෝදනා එල්ල වූයේ නැත. එසේ වුවත් සමස්ථ ක්‍රියාවලිය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන යම් සැඟවුණ හස්තයන් විසින් මෙම සිද්ධියට අදාළ පරිපාලන ක්‍රියාවලිය තුළ විකෘතියක් සිදුකරන බවය. සෞඛ්‍ය ලේකම්වරයා විසින් වගකීම් විරහිත ලෙස ශිර්ෂ යොදා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත යොමුකළ ලිපිය එම තත්වයේ පිළිබිඹුවක් ලෙස සැළකිය හැක. උදාහරණයක් ලෙස වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ 2019.05.24 දිනය. ඒ අනුව පැනනැගි තත්වය පිළිබඳව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරාය විසින් කරුණු සොයා බලා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් දැනුවත් කිරීම සඳහා අවම වශයෙන් සතියක හෝ කාලයක් ගතවිය හැක. සෞඛ්‍ය ලේකම්වරයාගේ ලිපිය පිළිබඳ මාධ්‍ය මගින් එළිදරව්වීමෙන් පසුව ඒ මගින් ඇතිවිය හැකි වැරදි වැටහිමක් නිවැරදි කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් 2021.12.17 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව වෛද්‍ය සාෆි මහතා අනිවාර්ය නිවාඩු යැවීම සඳහා එම සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇත්තේ 2019.06.19 දිනය.

2. ඒ අනුව දළ වශයෙන් දින 19ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තමා වෙත කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් යොමු කළ තොරතුරු අධ්‍යනයකර අදාල චූදිතයා අනිවාර්ය නිවාඩු යැවිය යුතු බවට තීරණය කර එම තීරණය රාජ්‍යය සේවා කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසුව එම කොමිසම් විසින් සෞඛ්‍ය සේවා කමිටුව කැඳවා එම කමිටුව විසින් තීන්දුවක් ගෙන අදාල ලිපියට අත්සන් තැබීමට ද සමත් වී ඇත. එය ඉතා දුර්ලභ කාර්යක්ෂම ක්‍රියාවලියකි. ඊට අමතරව මූලික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව චෝදනා පත්‍ර සකස් කර චූදිතයාගේ වැඩ තහනම් කිරීම පිළිබඳ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබාගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවට අනිවාර්ය නිවාඩු යැවිය යුතු බවට සාමාන්‍ය පටිපාටියට පටහැනිව හදිසි තීරණයක් ගෙන එය රාජ්‍ය සේවා කොමිෂම මගින් තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරනු ලැබුවේ කුමක් නිසාද? එසේම අදාල චූදිතයා බරපතළ අපරාධ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවේ පසුවන බැවින් ඔහු වෛද්‍ය සේවා සැපයීමෙන් දුරස්කර තැබීම සඳහා හදිසි තීන්දුවක් ලෙස අනිවාර්ය නිවාඩු යැවීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.

3. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තියට අදාළව චෝදනා පිළිබඳව මූලික විමර්ශනයක් සති 6ක් තුළ විද්වත් කමිටුවක් මගින් සිදුකර එම වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත්කරන ලෙස උපදෙස් ලබා දෙන්නේ ඉහත සඳහන් කළ අනිවාර්ය නිවාඩු අනුමත කරනු ලැබූ 2019.06.19 දින දරන ලිපිය මගිනි. (ඒ බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමුකළ 2112.12.10 දින දරන ලිපියේ සඳහන් කර ඇත.) රාජ්‍යසේවා කොමිසම මගින් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශ අනුමත කිරීම හෝ නොකිරීම සහ ඊට අදාලව අවශ්‍ය උපදෙස් ලබාදීමය. කොමිසමේ උපදෙස් අනුව මූලික විමර්ශනය සිදුුකර ඊට අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ලේකම්වරයා උනන්දුවී නැති බව ඉතා පැහැදිලිය. ඊට අමතරව වෛද්‍ය සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ පවරා තිබූ අංක ඊ1398රැ19 දරන අපරාධ නඩුවට අදාළව 2019.05.28 දින නිකුත් කළ නියෝගයක් මගින් මූලික විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියමකර ඇත. ඒ අනුව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඊට අදාළව 2019.06.03 දින ලිපියක් මගින් උපදෙස් ලබා දී ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් කුමන හෝ හේතු මත විනය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාම මගින් චූදිතයාගේ වැඩතහනම් කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාවලියක් දියත්වී ඇති බව සැඟවිය නොහැක.

4. ඉහත විමර්ශන වාර්තා අනුව වෛද්‍ය සාෆි මහතා වෛද්‍යවරයෙකු ලෙස ශල්‍යකර්ම සිදු කිරීමේදී සිංහල මව්වරුන්ගේ ප්‍රජනක පද්ධතියට හානි සිදුවන ආකාරයට කටයුතු කර ඇති බවට මෙන්ම මව්වරුන්ගේ කැමැත්ත නොමැතිව ඔවුන් වඳභාවයට පත් කෙරෙන සැත්කම් සිදුකළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඊට අදාලව මව්වරුන් 600කට අධික පිරිසක් සාක්ෂි ලබාදී ඇති අතර චූදිත වෛද්‍යවරයා විසින් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය නොමැතිව සිදුකර ඇති ශිෂේරියන් සැත්කම් ප්‍රමාණය 4500කට අදික වේ. ඊට අමතරව ඔහු විධායක නිලධාරියෙකු ලෙස සිතා මතා සිංහල සහ මුස්ලිම් මව්වරුන්ට වෙනස් ආකාරයට සැලකීම, එනම් සිංහල මව්වරුන්ගේ කැමැත්ත නොමැතිව ඔවුන් වඳභාවයට පත් කළ ද මුස්ලිම් මව්වරුන් ඒ සඳහා කැමැත්ත ලබාදී තිබිය දී එසේ නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත. ඒ ආකාරයට අදාළ චූදිතයාට එරෙහිව ආකාර 7කට චෝදනා එල්ල වන තත්වයක් යටතේ ඔහුගේ වැඩ තහනම් කිරීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඔහු අනිවාර්ය නිවාඩු යැවීම මගින් සමස්ත ක්‍රියාවලිය අත්හිටුවා ඉන්පසුව හිඟ වැටුප් ගෙවන ලෙසට සහ නැවත සේවයේ පිහිටුවන ලෙස ලිපි යැවීම යනු සම්පූර්ණයෙන්ම පරිපාලන ක්‍රමවේදවලට පටහැනි ක්‍රියාවක් බව පැහැදිලි වේ. ඊට අමතරව චූදිතයාගේ බැංකු ගිණුමට නොදන්නා පාර්ශ්ව වලින් රුපියල් මිලියන 440කට අධික මුදලක් බැරවීම සහ එම ගිණුමේ කාඩ්පත පාස්කු ප්‍රහාරයට අදාලව පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු සතුව තිබූ බවට පරීක්ෂණවලින් එළිදරව්වීම නිසා එම තත්වය සැඟවුණු උවමනාවක් හෝ කුමන්ත්‍රණයක් නිසා ඇති වූවක් ලෙසද අර්ථ දැක්වීමේ හැකියාව ඇත.

5. ඒ ආකාරයට වෛද්‍ය සාෆි මහතාට එල්ලවන බරපතළ චෝදනා මෙසේ දැක්විය හැක

I. රෝගීන්ගේ එකගතාවය නොමැතිව වඳ සැත්කම් සිදු කිරීම සහ දැනුම්වත්ව යම් රෝගීන්ගේ ප්‍රජනක පද්ධතියට හානි සිදුවන ආකාරයට ශල්‍යකර්ම සිදුකිරීම.

II. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදියෙකු ලෙස හඳුනාගත් පුද්ගලයකුට තම ගිණුමේ කාඩ් පත ලබා දීම මගින් ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම සහ එම ක්‍රියාවලට අනුබල දීම.

III. එම ගිණුමට පැහැදිලි කළ නොහැකි මූලයන්ගෙන් රුපියල් මිලියන 440කට අධික මුදලක් බැර වීම මගින් මුදල් විශුද්ධිකරණයට දායකවීම.

IV. වෛද්‍යවරයෙකු ලෙස ආචාරධර්ම විරෝධී ව කටයුතු කිරීම.

V. රාජ්‍ය සේවකයෙකු ලෙස විනය විරෝධීව කටයුතු කිරීම.

VI. විධායක නිලධාරියකු ලෙස මානව හිමිකම් කඩ කිරීම මගින් ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම. (ව්‍යවස්තාවේ 12.2 වගන්තිය)

VII. සමූල ඝාතන වැළැක්වීම සහ තහනම් කිරීමට අදාල ජාත්‍යන්තර ප්‍රඥප්තිය උල්ලංගණය කිරීම.

6. කෙසේ වෙතත් වෛද්‍ය සාෆි මහතා තමාගේ හිඟ වැටුප් ගෙවන ලෙස හෝ සේවයේ නැවත පිහිටුවන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් වාචික හෝ ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බවට රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් සෞඛ්‍ය ලේකම්ලේකම්වරයා වෙත යොමුකළ 2021.12.10 දින දරන ලිපිය මගින් පැහැදිලි වේ. ඒ අතර එවැනි ඉල්ලීමක් සෞඛ්‍ය ලේකම්වරයා වෙත හෝ රාජ්‍ය සේවා කොමිසම වෙත වෛද්‍ය සාෆි මහතා විසින් ඉදිරිපත් කළ බවට සාක්ෂි ඉදිරිපත් වී නැත. (රෝහල් අධ්‍යක්ෂවරයා වෙත සෞඛ්‍ය ලේකම් විසින් යොමු කළ 2021.12.06 දිනැති ලිපියේ ශිර්ෂය මගින් කරනු ලබන නියමයට අදාලව වෛද්‍ය සාෆි මහතාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බව සඳහන් නොවේ. ඊට අමතරව රාජ්‍ය සේවා කොමිසම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් ද එවැනි විධිමත් ඉල්ලීමක් පිළිබඳව හෙළිදරව් කර නැත.

7. ඒ අනුව සෞඛ්‍ය ලේකම් ලේකම්වරයා විසින් 2021.12.06 දින දරන ලිපිය නිකුත් කිරීමට පෙර ඔහු විසින් ඉටු කළ යුතු වූ පෙරක්‍රියා හෝ වගකීම් මෙසේ හඳුනාගත හැක.

I. හිටපු ලේකම්වරයා විසින් මූලික විමර්ශන වාර්තා මත පදනම්ව වෛද්‍ය සාෆි මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඊට අදාලව නිදහසට කරුණු විමසා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව කුමක්දැයි සොයා බැලීම.

II. එසේ ඉටුනොවූ වගකීම් ඉටුකිරීම සඳහා එනම් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නිදහසට කරුණු විමසා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වහාම පියවර ගැනීම.

III. වෛද්‍ය සභාව විසින් වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කිරීමට අදාළව සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉල්ලා සිටීම සහ එය පමාවන තත්වයක් යටතේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලීම.

IV. වින්දිතයන් පරීක්ෂණයට ලක් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉල්ලා සිටීම සහ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති නම් ඊට අදාල ගැටළු විසඳීම සඳහා මැදිහත්වීම.

V. අපරාධ නඩු කටයුතුවලට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීම.

VI. පවතින තත්වය යටතේ එනම් අධිකරණ කටයුතු අවසන් වී නොමැති තත්වයක් යටතේ අදාල චූදිතයාට අදාලව ගත හැකි ඉදිරි පරිපාලන ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයා විමසීම.

8. නමුත් ලේකම්වරයා විසින් තම 2021.12.06 දින දරන ලිපියට “නැවත සේවයේ පිහිටුවීම සහ අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම” යන ශීර්ෂය යෙදීමට සහ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයාට නිෂේධාත්මක මානසික බලපෑමක් සිදුවන ලෙස නිදහසට කරුණු විමසීමට පෙර ඉහත සඳහන් කළ වගකීම් ඉටු කිරීමට අසමත් වී ඇත. එම නිසා මූලික වශයෙන් අමාත්‍යංශයේ සහ ආණ්ඩුවේ ගෞරවයට හෝ ප්‍රතිරූපයට බරපතළ අගතියක් සිදු වන අතර ඊට අමතරව පහත සඳහන් වැරදි සිදුවේ.

I. අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ඉදිරි කටයුතු සිදු නොකිරීම මගින් අධිකරණයට වක්‍ර ලෙස අපහාස කිරීම සහ අධිකරණ කටයුතු අවසන් කිරීමට පෙර චූදිතයාට අයුතු සහන ලබාදීම මගින් අධිකරණ තීන්දුවට වක්‍ර ලෙස බලපෑම් කිරීම.

II. මේ වනවිට අවසන්ව නොමැති පොලිස් පරීක්ෂණ වලට අයුතු සහ අහිතකර බලපෑම් සිදුවන ලෙස පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම.

III. රෝහල් අධ්‍යක්ෂවරයාට මානසික බලපෑමක් එල්ල කිරීම මගින් අනාගතයේදී මෙවැනි සිදුවීම්වලදී නිසි පියවර ගැනීම වැළැක්වීම සඳහා සෙසු නිලධාරීන් අතර මානසික බාධක පැනවීම.

IV. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් ලෙස සොයා නොබැලීම නිසා මානසික පීඩාවට පත්ව සිටින 800කට ආසන්න වින්දිතයින් තවදුරටත් මානසික පීඩාවට ලක් කිරීම.

V. වෛද්‍ය සාෆි මහතා සහ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා එල්ල වූ යම් පිරිස් අතර සම්බන්ධතාවයක් පිළිබඳව සහ ඔහුට පැහැදිලි කළ නොහැකි මූලයන්ගෙන් මුදල් ලැබීම පිළිබඳව යම් සාක්ෂි ලැබී තිබියදී ඔහුට චෝදනාවලින් නිදහස් වීමට හැකි වූ බවට සමාජ මනෝභාවයන් ගොඩනැගීම මගින් ආගමික අන්තවාදී බලවේග මානසිකව ශක්තිමත් වීම සහ පොදු ජනතාවට නිශේධාත්මක පණිවිඩයක් ලබාදීම.

VI. ලේකම්වරයාගේ පරිපාලන දැනුම සහ විචක්ෂණභාවය පොදු සමාජය තුළ අභියෝගයට ලක්වීම මගින් සෞඛ්‍ය පද්ධතිය තුළ මානසික බිඳ වැටීම් සිදුවීම සහ පරිපාලන පටිපාටි සහ ක්‍රියාමාර්ග අවතක්සේරු වීම.

9. මෙම සංකීර්ණ තත්ත්වය තුළ සෞඛ්‍ය ලේකම්වරයාට එරෙහිව චෝදනා එල්ල කිරීම මගින් අදාළ පාර්ශ්ව වලට සාධාරණය හෝ යුක්තිය ඉටු නොවන බව ඉතා පැහැදිලිය. එම නිසා සමස්ත ක්‍රියාවලිය තුළ සිදු වූ වැරදි, අඩුපාඩු සහ අකාරක්ෂමතාවයන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයකු යටතේ විමර්ශනයක් සිදුකර ඊට අනුව ඉදිරි පියවර ගත යුතු බව අපගේ පිළිගැනීම වේ. එම විමර්ශන ක්‍රියාවලිය වෛද්‍ය සාෆි මහතාගේ ක්‍රියාකලාපයට පමණක් සීමා නොකර “පවුල් සංවිධාන” යන තාක්ෂණික ප්‍රවේශයට මුවාවී දීර්ඝ කාලයක සිට බහුතර සිංහල ජනතාව ඉලක්ක කරමින් විවිධ විදේශීය සංවිධානවල මූල්‍ය ආධාර සහ මගපෙන්වීම යටතේ දියත් වූ උපත් පාලන වැඩසටහන් පිළිබඳව මහා පින්තූරය රටට පැහැදිලි කිරීමද ඔබතුමාලාගේ වගකීමක් ලෙස අපි සලකමු. විශේෂයෙන්ම කැනඩාව වැනි රටවල ජන සංහාර සඳහා යොදාගත් ක්‍රමවේද පිළිබඳ අධ්‍යන වාර්තා මගින් එළිදරව් වූ කරුණු යම් පමණකට අප රටට ද අදාළ බව පෙනෙන බැවින් සහ අනාගතයේ වෛද්‍ය සාෆි මහතාට එල්ල වූ චෝදනා වෙනත් වෛද්‍යවරුන්ට එල්ල නොවන බව සහතික කිරීම සඳහා එවැනි පුළුල් අධ්‍යනයක් බෙහෙවින් වැදගත් වන බව තව දුරටත් අවධාරණය කරමු.

10. ඊට අමතරව එම ඒකපුද්ගල පරීක්ෂණ කමිටුවේ කටයුතු ඉදිරියට ගමන් කරන අතර පහත සඳහන් සෙසු අතුරු පියවර ගැනීම මගින් මහජන විශ්වාසය තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටිමු.
වෛද්‍ය සාෆි මහතාට චෝදනා පත්‍ර භාරදීම දීම සහ විනය පරීක්ෂණයක් සිදු කිරීම.

මූලික පරීක්ෂණ වාර්තාව සහ චෝදනා පත්‍රය මත පදනම්ව වහාම චූදිතයා වැඩ තහනමට ලක් කිරීම.

පොලිස් පරීක්ෂණ විශේෂයෙන්ම බැංකු ගිණුම් වලට අදාල පරීක්ෂණ සහ ආගමික අන්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනය සිදු කෙරෙමින් පවතින ආකාරය පිළිබඳ පවතින මහජන විවේචන නිවැරදි කිරීම සඳහා එම පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම සහ අධිීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.

වින්දිත මව්වරුන්ට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කාර්යාලය සහ අදාළ නීතිමය රාමුව යටතේ මානසික සහ සෙසු සහන මෙන්ම ආරක්ෂාව සැලසීම.

ශ්‍රී ලංකාවේ උපත් පාලන වැඩසටහන මගින් සිදුවී ඇති බහුවිධ බලපෑම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත්කරනු ලබන ඒක පුද්ගල විමර්ශන කමිටුවට සාක්ෂි ලබාදීම සඳහා වින්දිතයන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට මෙන්ම උනන්දුව දක්වන සෙසු මහජනයාටද අවස්ථාව ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ විනිවිද භාවය සහතික කිරීම.

වින්දිතයන්ගේ කැමැත්ත නොමැතිව ඔවුන් කුමන හෝ ආකාරයක ශරීර අභ්‍යන්තර පරීක්ෂණවලට යොමු කිරීම මගින් ඔවුන් නැවත මානසික සහ ශාරීරික පීඩාවට ලක්කිරීමේ ක්‍රියාවලියට ඉඩ ලබා නොදීම.

ප්‍රතිකාර සේවාවල ගුණාත්මක තත්ත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළට ”සායනික පාලනයට”( ^Clinical Governance) අදාල උපාංග ඇතුල් කිරීම සහ පැමිණිලි සහ සිදුවීම් විධිමත් ලෙස විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ථිර යාන්ත්‍රණයක් ^Complain and Incident Management System) පිහිටුවීම.
අවසාන වශයෙන් මෙම ප්‍රශ්නයේදී අප සංවිධානය කිසිදු ආකාරයකට ජාතිවාදී හෝ ආගම්වාදී පදනමින් කටයුතු නොකරන බව සහතික කරන අතර වෛද්‍ය සාෆි මහතා සියළු චෝදනාවලින් නිදහස්වන තත්වයක් යටතේ ඔහු නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව අපගේ විරෝධයක් නොමැති බවද සදහන් කරමු. ඊට අමතරව, එසේ නැවත සේවයේ පිහිටුවන්නේනම් ඉන් අනතුරුව නිසි පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගැනීමෙන් පසුව පමණක් ඔහුට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය නොමැතිව ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවසර ලබාදීම කළ යුතු බවටද අපි අවධාරණය කරමු.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
071 8615456



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More